"ඔයා lucky. පිටි පැකට් එකේ අඩියේ තිබ්බ ටිකෙන් හැදුවේ."
කාමරයට පිටතින් ඇසුනු ෂමිත්ගේ කටහඬින් යේන්ගේ දැහැන බිඳී ගියේ ය.
"ගානට ඇති නේ? නැත්තන් පිටි අඩු, කෝපි වැඩි, ආයේ වතුර අඩු පල් වතුර වගේ එකක් එහෙම නෙවෙයි නේ ඔය?"
"විකාර කියන්නැතුව මෙන්න මේක බීලා බලන්න. මං දන්නෑ ඔයා බොන සීනි ගාන. ආ."
කියමින් ෂමිත් කෝප්පය යේන්ගේ අතට දුන්නේ ය.
"රස්නෙයි ඈ. කට එහෙම පුච්ච ගන්න එපා."
කෝප්පය කටට ළං කර එයට පිඹින අතර යේන් ෂමිත් දෙස බැලුවේ ය.
"Exam ඉවර වෙන්නෙ කවද්ද?"
"දහ නවය. ඇයි?"
ෂමිත් ඇසුවේ ඔහුගේ පොත් මේසය අසල වූ පුටුව පිටතට ඇද එහි විරුද්ධ පැත්තට හිඳගෙන, එහි ඇන්දට දෑත් තබා යේන් දෙස බලමිනි.
"වැඩි කාලයක් නෑනේ. එතකන් ආයේ මුකුත් අවුලක් වෙන එකක් නැද්ද?"
"නෑ. ආයේ මාසෙකටවත් එන්නෑ. අද නම් බය උනා කට්ටිය හොඳට."
මේ අතර යේන් පළමු කිරි කෝපි උගුර පානය කළේ ය. එය ඔහුගේ උගුරෙන් පහළට යන අයුරු ෂමිත් ද දුටුවේ ය. ඔහු එහි රස නිසි ලෙස ග්‍රහණය කර ගන්නට මෙන් නැවත වරක් කෙල ද ගිල ගත්තේ ය. මීළඟට ඔහු කෝපි කෝප්පය දෙස බලා සිටියේ ය. මේ දුටු ෂමිත් නිරායාසයෙන් කලබල විය.
"ඇයි මොකද?! බොන්න බෑ වගේ ද? සීනී අඩු ද නැත්තන් පිටි අඩු ද??"
ෂමිත් එක දිගට ඇසුවේ පුටුවෙන් ද මදක් ඉහළට එසවෙමිනි. කෝප්පය දෙස බලා සිටි යේන් හිස දෙපසට වනා එසේ නැති බව හැඟවී ය. මීළඟට ඔහු කෝප්පය නැවත ඔහුගේ කටට ළං කර ගත්තේ ය.
"It's perfect...."
ඔහු කීවේ ඇසෙන නෑසෙන ගානට ය. නැත. ඔහු එය කීවේ වෙනත් කෙනෙකුට ඇසෙන්නට නොවේ. ඔහු එය කියා ගත්තේ ඔහුට ම ය. නමුත් ඔහු පැවසූ දේ යන්තමින් ෂමිත්ගේ සවන් වැකින. එයින් මදක් ව්‍යාකූල ද වූ ෂමිත් නැවත පුටුවෙහි හිඳ ගත්තේ ය.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...