"Hello, යේන්?""Yeah?"
"දැන් කොහෙද ඉන්නේ?"
"තාම සොහොනේ. තව ටිකක් වෙලා යයි මේක ඉවර වෙන්න."
"දැන් situation එක කොහොම ද?"
"කියන්න තරම් දෙයක් නෑ. Too calm වගේ."
"Media එකෙන් ඉන්නව ද?"
"හ්ම්. අද අන්තිම දවසනේ."
යේන් කීවේ පාර අයිනේ නවත්වා තිබූ ඔහුගේ වාහනයට හේත්තු වී එක් අතක් සාක්කුවක රුවාගෙන ය. ඔහුට ඉදිරියේ කනත්ත තුළ රැස් වී සිටින පිරිස වෙත ඔහුගේ නෙත් යොමු වී තිබිණි. එහි ඔවුන්ගේ පවුලේ සියල්ලන්මත්, යහලු මිත්‍රාදීනුත්, රටේ ප්‍රසිද්ධ පෙළේ ව්‍යාපාරිකයිනුත් රැස් වී සිටියහ.
"ඔයාට... අවුලක් නෑනේ?"
ෂමිත් අසන විට යේන්ගේ මුහුණට නැගුනේ සියුම් සිනහවකි.
"මට තියෙන එක ම අවුල අර මිනිහට අපි එක්ක තියෙන ප්‍රශ්නේ විතරයි. ඒ ඇරුනම... මට මාර නිදහසක් දැනෙන්නේ...."
එය ඇසෙන විට ෂමිත්ට ද නිරායාසයෙන් සැනසුම් සුසුමක් පිට විය.
"කෝ දැන් මිනිහත් ඉන්නව ද?"
"ඉන්නවා. මාත් එක්ක උදේ කතත් කළා."
"සිරාවට?"
"හ්ම්. අපිත් දන්නවා මේකට මිනිහගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඌත් දන්නවා අපි ඌ ගැන ටිකක් හරි දන්නවා කියලා. නැත්තන් අපිට ඌ ගැන සැකයක් හරි තියෙනව කියලා. ඒත් අපිට prove කරන්න විදියක් නෑනේ. අපේ photos තියෙන්නේ ඌ ගාව නං ඌට හිතුන හිතුන විදියට ඒවා එළියට දාන්නත් බෑ. බැලුවා ම අපි දෙගොල්ලොම කර ගන්න දෙයක් නැතුව act කරන එක දැන් කරන්නේ."
"උගේ කිසිම වෙනසක් නැද්ද ඒ කියන්නේ? කලින් විදිය ම යි?"
"Yeah. මට හිතා ගන්න බෑ ඌ මේකෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නෙ කියලා."
"එක්කො ඔයාලගේ family එකෙන් මොකක් හරි වෛරයක් පිරි මහන්න. නැත්තන් ශාක්‍ය එක bankrupt කරන්න. වෙන මොකක් ද?"
YOU ARE READING
The Deathtrap
Storie d'amore"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...