"මං location share කරන්නම්. ඒක බලාගෙන යන්න පුලුවන් ද?"
මෝටර් රථයට ගොඩ වූ පසු යේන් ඇසුවේ ඉදිරියට නැමී ඔහුගේ රියැදුරාගෙනි. පිටුපස අසුනේ යේන්ට පසෙකින් ෂමිත් හිඳගෙන සිටියේ ය. යේන් කොහේ යන්නට සිතා සිටිනවාදැයි ඔහුට තවම වැටහීමක් නොවින.
"දාන්න Sir."
රියැදුරා කීවේ දැනටම වාහනයේ ඩෑෂ් බෝඩයට සවි කර තිබූ ඔහුගේ දුරකථන තිරය මත අත තබමිනි.
"කොහෙද දැන් යන්නේ?"
ෂමිත් ඇසුවේ යේන් ඔහුගේ දුරකථනය සාක්කුවට දමා ගනිමින් අසුනේ ඇන්දට හේත්තු වන විට යි.
"සීයගේ ගෙදර."
ඔහු කී ය.
"සීයගේ?"
ෂමිත් අසන විට යේන් හිස වැනී ය. ඒ සැනින් ෂමිත්ට යේන්ගේ අනෙක් සීයාව සිහිපත් විනි. මේ මොහොතේ එහි හැර වෙන යන්නට තැනක් සැබැවින් ම නැත.
"ඔයාට... මේ වෙලාවේ එහෙ ගියාට අවුලක් නැද්ද? ඕන්නං මං ඔයාව ගේ ගාවින් දාන්න-"
"අපෝ නෑ මං එන්නම්!"
යේන් කියා අවසන් කරන්නටත් පෙර ෂමිත් තරමක උස් හඬින් පැවසී ය. යේන් ඔහු දෙස බැලුවේ ඇහිබැමි ඔසවමිනි. එයට රියැදුරාගේ අවධානය ද යොමු විය.
"Don't worry. මේ වගේ දේවල් නිසා මං මුකුත් කර ගන්නෑ."
ෂමිත් සිතනා දේ අනුමාන කළ යේන් කීවේ සැහැල්ලු ස්වරයෙනි. ඒ සැහැල්ලු බව නිසා ම ෂමිත්ට දැනුණේ චකිතයකි; ව්‍යාකූලත්වයකි.
"ඒ නිසා නෙවෙයි! අ... ගොඩ කාලෙකින් ඔයාව meet උන් නෑ. ආව එකේ... මට දැන් ම යන්න ඕන්නෑ..."
ඔහු මෙවර කීවේ නවත්ත නවත්වා තරමක අපහසුවෙනි.
"ඔයාට හෙට වැඩට යන්න තියෙනව නේද?"
"ඒක අවුලක් නෑ. මට උදේට ගෙදර ගියාම ටක් ගාලා ලෑස්ති වෙලා යන්න පුලුවන්."
ෂමිත් පුළුල් සිනාවක් මුහුණට නගා ගනිමින් කීවේ ය.
"එහෙනං මෙයාව ම ගෙන්න ගන්න. මං number එක දෙන්නම්."
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...