"හා..... damn it!"
යේන් තමාට ම කියා ගත්තේ නාන කාමරයේ වූ කැඩපතින් ඔහුගේ ම ප්‍රතිබිම්භය දෙස බලාගෙන නළලට වැටී ඇති කෙස් රොද අතින් පිටුපසට කර ගනිමිනි. මීළඟට කැඩපතට පිට දී අනෙක් පස හැරුණු ඔහු, ඔහුගේ නිරුවත් පිට දෙස ද බැලී ය.
"He's got some scary grip!"
ඔහු කීවේ ඔහුගේ පිටේ රත් පැහැ වූ තැන් දෙස බලමිනි. ඉතා ලා පැහැ සමක් හිමි ඔහුගේ ගතෙහි ඒවා පැහැදිලිව කැපී පෙනින.
"..... and a jaw!"
ඉදිරිය හැරුනු ඔහු නැවත කීවේ ඔහුගේ උරහිස මත වූ දත් පහරක් දෙස ද ඇහිබැමක් ඔසවා බලමිනි.
"Is he a tiger or what??"
මීළඟට ඔහු විවර කර තිබූ වතුර මල යටට යන අතර ම ඔහුගේ දකුණත දෙස ද බැලුවේ ය. දබර ඇඟිල්ලෙහි තවත් පැහැදිලි දත් පහරවල් දෙකක් සටහන් වී තිබිණි. එවැනි සමහර තැන් කෙසේ එලෙස වූවා දැයි කියා ඔහුවත් නිසි ලෙස නොදත්තේ ය. ඒ ගැන ෂමිත්ට ද කිසිදු වැටහීමක් නැති බව ඔහුට නිසැක ය.
වතුර මල යටට ගිය ඔහු දෑතින් ම ඔහුගේ කොණ්ඩය පිටුපසට කර ගත්තේ ය. ඒකාකාරීව වැටෙන මද උණුසුම් වතුර ඔහුගේ ගතට එක් කළේ සුවදායී බවකි. තමා අවසන් වරට මේ තරම් තෘප්තිමත් වූ දිනයක් ඔහුට මතක නැත. ඔහු මුහුණට වතුර වැටෙන්නට සලස්වාගෙන එලෙසම තප්පර කිහිපයක් සිටියේ ය. ඔහු සිටි සැබෑ තත්ත්වය නිසි ලෙස ඔහුට පසක් වූයේ එවිට ය. දැන් ඇති වන්නේ පෙරට වඩා බරපතල ගැටලුවකි.
"..... Shit!"
හිස පහතට හරවා ගත් ඔහුට දිගු සුසුමක් පිට විනි.
"What am I gonna do now??"
තමාගෙන් ම අසා ගනිමින් ඔහු බිත්තියට හේත්තු වූයේ දෑතින් ම කොණ්ඩය හිස පිටුපසට කරගෙන දෑත් හිසේ තබාගෙන ම ය. මොහොතකට පෙර ඔහුගේ මුහුණේ වූ තෘප්තිමත් පෙනුම වියැකී ගොස් මෙවර මතු වූයේ දැඩි පීඩනයකට ලක් වූ අයෙකුගේ පෙනුමකි.
තවත් මිනිත්තු පහළොවකින් පමණ නාන කාමරයෙන් පිටතට පැමිණි ඔහු දිගු බොටම් කලිසමක් පමණක් හැඳ ගෙන සාලුවෙන් හිස ද පිස දමමින් වේලාව පරික්ෂා කර බැලුවේ ය. වෙලාව රාත්‍රී දොළහට ආසන්න ය. ඒත් සමග ඔහුට සිහිපත් වූයේ නිවසට පැමිණි මොහොතේ ඔහු, ෂමිත්ට පැවසූ දෙය යි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...