"Holy shit! ඇත්තටම ද ඔය කියන්නේ?!"
"හ්ම්."
දුරකථනයේ අනෙක් පසින් යේන්ගේ හූමිටි තැබීම ෂමිත්ට ඇසිණ. හිස අතට බර කරගත් ෂමිත් දිගු සුසුමක් පිට කළේ ය.
"ඔයාට.... ඒ වෙලාවේ ඕක තේරුනේ කොහොම ද?"
"අනේ මංදා.... මට නිකන් සැක හිතුනා. ඒකයි මං accelerate කළේ නැත්තේ."
"දැන් ඕක කොහොම ද උනේ කියන්න දන්නැද්ද?"
"නෑ. එතන CCTV එකට මගෙ වාහනේ අහුවෙලත් නෑ. මං වාහනේ park කළාට පස්සේ එතනට කවුරු හරි එන්න ඇති."
"ඒත් පහළ security කෙනෙක් ඉන්නව නේ??"
"ඒ මිනිහ කිසිදෙයක් දන්නෙත් නෑ!"
"Shit... දැන් මොකද කරන්නේ?"
"මට අවුලක් නෑ මං company එකේ නිසා. ඔයා off වෙන්නෙ කීයට ද?"
යේන් ඇසුවේ ඔහුගේ කාර්යාල කාමරයේ සිට බැල්කනියට පැමිණෙමිනි.
"තව පැය කාලයකින්."
"ඒ වෙලාවට මං වාහනයක් එවන්නම්. කෙලින්ම ගෙදර යන්න. වෙන දේකට ගෙදරින් එලියට එනව නම් මට message එකක් දාන්න."
යේන් එක දිගටම කියාගෙන යන්නට විය.
"යේන්. මේ මහ පාරේ මිනිස්සු ඉන්න තැන්වල මුකුත් වෙන්නෑ. ඔයිට වඩා safe මට bus එකේ යන එක."
"එපා! මං එවන්නේ මට sure කෙනෙක්ව. නැත්තන් මං එන්නම්."
ෂමිත්ට දිගු සුසුමක් පිට විනි.
"හරි හරි මං ඒකේ එන්නම්. ඔයා එන්න ඕන්නෑ. උන් target කරන්නෙ ඔයාව නිසා ඔයා ඉන්න safe තැනක. මට අවුලක් නෑ."
"හා.... shit... මේක නං දැන් මළ වදයක් නොයෙල්."
"ඕක පොලීසියට කියන්න බැරි ද?"
"වැඩක් වෙන්නෑ. උන් මේක යට ගහනවා. හැමදේම වෙන්නෙ ඒකට හරි යන්න. තාම තාත්තගේ accident එකට soild evidence එකක් හොයා ගන්න බැරි ඒකයි."
YOU ARE READING
The Deathtrap
Romantizm"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...