[Refers to chapter 56 last scene]"තමුසේ මොකක් ගැන ද කියන්න යන්නේ?"
යේන් ඇසුවේ ඩැනියෙල්ගේ එම ස්වරූපයේ ඇති නුහුරු බව නිසා ම ය.
"කියන්නෙ ද? කියන්න ඕනේ එක තමයි මං දැන් කිව්වේ."
ඩැනියෙල් නැවතත් ඔහුගේ සැරයටිය වෙත නෙත් යොමු කර ගත්තේ ය.
"මං කුමාර්ට ඒ කාලෙම කිව්වා ඔයාව ඒ මිනිහා ගාවට ගිහින් දාන්න එපා කියලා. කොහෙ ද ඇහුවේ නෑනේ. මේක තමයි final result එක. Golden boy of our family is wrecking havoc! මං හිතුවා ඒ මිනිහගේ කරදරේ ඉවර කළායින් පස්සේ මේ ප්‍රශ්නේ ඉවර කර ගන්න පුලුවන් වෙයි කියලා. දැන් බැලුවාම අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ මිනිහා තාම වද දෙනවා. හැබැයි එදා මං ගත්ත desicion එක හරියට හරි. අද ඒ මිනිහා හිටියා නම් ශාක්‍ය එක මීට කාලෙකට කලින් bankrupt වෙන්නේ! ඊට කලින් මට ඒ bug එක අයින් කරන්න පුලුවන් උන එක නම් ලොකු දෙයක්....."
මෙවර ඩැනියෙල් හිස ඔසවා යේන් දෙස බැලුවේ ඔහුගේ අසාමාන්‍ය නිහඬතාවය හේතුවෙනි. ඔහුගේ යක්ෂයා ඇවිස්සී ඇතත් තමන් ඉදිරියේ ඌ යක්ෂ පැටවෙකු පමණි.
"මොකෝ silent?"
යේන් දෙස බලාගෙන ඩැනියෙල් නැවතත් ඇසී ය. යේන් තවමත් නිහඬ ය.
"මට තේරුම් ගන්න පුලුවන්. මං දන්නවා ඒ මිනිහගෙ මරණෙට ඔයා කාලයක් මාවත් සැක කරගෙන හිටියා කියලා. Well, මං තමයි ඒ kidney එක දෙනවා කියපු මිනිහව dissappear කෙරෙව්වේ. මට මතක හැටියට.... ඒ කාලේ... ඒකට ලක්ෂෙකට වඩා ගියෙ නෑ. ඒ මිනිහට ඕනේ වෙලා තිබ්බ එකම දේ සල්ලි. ඌ සල්ලි නැතුව අන්තිමට ඇඟේ කෑලි පවා දෙන තරම් situation එකක හිටියේ. ඕකට කුමාර්ට මගෙන් කිසිම financial help එකක් හම්බුන්නෑ. කුමාර් දෙන්න පොරොන්දු වෙලා හිටියේ එයාගේ සල්ලි. හැටක් හෝ හැත්තෑවක්. ඒ ගානට තමන්ගේ kidney එක දෙන්න හිටපු මිනිහට මං කෙලින්ම ලක්ෂයක් offer කළා. That's it. ඌ සල්ලි ටික ගත්තා, වාෂ්ප උනා. අන්තිටම දීපු මටවත් හොයා ගන්න බැරි උනා ඌ අතුරුදන් උනේ මොන ලෝකෙ ද කියලා."
ඩැනියෙල් කතාව නවත්වා නැවතත් යේන් දෙස බැලුවේ ය. ඔහු යේන්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටින අයුරකි. හැඟීම් විරහිතව ඩැනියෙල් දෙස බලා සිටි යේන් කතා කළේ මලානික ස්වරයකිනි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...