70 පරිච්ඡේදය

2.7K 390 51
                                    

"මේ ඔයාගේ phone එක?"

සමාජ ශාලාවෙන් පිටතට පැමිණ, මෝටර් රථයට ගොඩ වූ පසු ෂමිත් කීවේ ඔහුගේ සාක්කුවේ වූ යේන්ගේ දුරකථනය ඔහු වෙතට දිගු කරමිනි.

"ඉන්න."

කියූ යේන් ඔහුගේ අතේ ඔතා තිබූ කුඩා සාලුව ඉවත් කළේ ය. මේ වන විට රුධිරය වහනය සම්පූර්ණයෙන් ම නැවතී තිබිණි. ඔහු එය පසුපසට විසි කර ෂමිත්ගේ අතින් ඔහුගේ දුරකථනය ගත්තේ ය.

"මට ඔයාගේ phone එකත් තප්පරේකට දෙන්න."

ෂමිත්, යේන් දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ මුහුණකිනි. ෂමිත්ගේ අත දෙස බලා සිටි යේන් නිහඬව ඔහුගේ මුහුණ දෙස ද බැලී ය.

"ආ. ඉන්න දෙන්නං."

යේන්ගෙන් හාරා ප්‍රශ්න නොවිමසා ඔහු කියන දෙයකට අවනත වීම හොඳ බව ෂමිත් තේරුම් ගත්තේ ය. ඔහුගේ දුරකථනය ගත් යේන්, ෂමිත් ලවා ම එය ක්‍රියාත්මක කර ගත්තේ ය. ෂමිත් නිහඬව ඔහු දෙස බලා සිටියා මිස කිසිවක් කළේ නැත. යේන් ඔහුගේ දුරකථනය හා ෂමිත්ගේ දුරකථනය එකට තබා ගෙන කුමක් හෝ කරන්නට විය. මිනිත්තුවක් ගත වන්නටත් පෙර එය අවසන් කළ ඔහු නැවත ෂමිත් අතට ම දුරකථනය දුන්නේ ය.

"මොකක් ද කළේ?"

ෂමිත් ඇසුවේ ඔහුගේ දුරකථන තිරය දෙස පරික්ෂාකාරීව බලමිනි.

"මොකක් හරි. ඔය app එක දැන්ම open කරන්න එපා. තේරුනා ද?"

"අ.... මේක?"

"Don't worry. Virus එකක් නෙවෙයි."

"මං දැන් එහෙම එකක් කිව්ව ද?"

කියමින් ෂමිත් ඒ ගැන අවධානයක් යොමු නොකර ම එය ඔහුගේ සාක්කුවට දමා ගත්තේ ය. මිනිත්තු කිහිපයකින් ඔවුන් මහා මාර්ගයට පිවිසිනි. ඔවුන් දෙදෙනාට ම ප්‍රශ්න තිබුණත් ඔවුන් කිසිවෙකුත් ඒවා විමසන්නට ගියේ නැත. සිදු කළේ තනිව ම කල්පනාවට වැටී ඒවාට පිළිතුරු ඔවුන් විසින් ම සොයා ගන්නට උත්සහ දැරීම ය. නමුත් යේන්ගේ නිවසට හැරෙන අතුරු පාර පසු කරගෙන යනු දුටු ෂමිත් එක් විට ම කතා කළේ ය.

"යේන්? ඔය අතට බෙහෙත් දා ගන්නැද්ද?"

"මේක හීරිලා විතරයි නේ. මීට වඩා ඒවටවත් මං බෙහෙත් දාලා නෑ."

The Deathtrap Where stories live. Discover now