"ආ. තාම රස්නෙයි අන්ඬෙන් අල්ලන්න."
ෂමිත් කීවේ කෝපි කෝප්පයේ අන්ඬ යේන්ගේ අත දෙසට හරවා දෙමිනි.
"Thanks."
ෂමිත් දෙකකුල් ද අනෙක් සෝපාව මතට ගෙන ඇන්දට හිස ද තබා ගෙන එහි ඇල විය.
"මගේ කෝපි එකෙන් මොකක් හරි special energy එකක්වත් ලැබෙනව ද?"
ඔහු ඇසී ය.
"Satisfaction..."
යේන් දෑස් පියාගෙන කෝපි උගුරක් කටට ගනිමින් කීවේ ය. ෂමිත්ගේ මුහුණට නිරායාසයෙන් ම සිනාවක් නැගිනි.
"දැන් කන්නෙ කීයට ද ඕවා බීලා?"
"ඔයා කන time එක set වෙද්දී යං."
"හ්ම්. දැන් company එකේ අවුල හරි ද?"
"ඒක නං විකාරයක් නොයෙල්..."
යේන්ගේ හඬේ වූයේ පැහැදිලි කලකිරීමකි.
"ඇයි මොකද උනේ?"
ෂමිත් ගත් කටටම ඇසී ය.
"එකක් ඉවර වෙද්දි තව එකක්. ඒක ඉවර වෙද්දී තව මොකක් හරි එකක්. කවුරු හරි කොහෙන් හරි mistake එකක් කරනවා. මට තිත්ත වෙලා හිටියේ මේ ටිකේ නං."
එයට පිළිතුරක් දෙන්නට පෙර ෂමිත් මොහොතක් නිහඬව ද සිටියේ ය. ඔහුට යේන් ගැන ඇති වූයේ දැඩි අනුකම්පාවකි. නමුත් ඔහු එවැන්නක් පිටතට පෙනෙන්නට ඉඩ දුන්නේ නැත.
"ඔය කියන mistakes... කාගේ අතින් වෙන ඒව ද?"
"එක්කෙනෙක්ගේ කියලා නෑ. මාත් දන්නෑ ඒවා කොහොම උනා ද කියන්න. අන්තිම තප්පරේ මගෙ අතට documents එද්දී කොහෙන් හරි mistake එකක්. මේ සතියට එහෙම හතර පහක් set වෙන්න ඇති."
"ඔයා හිතන්නේ ඕක කාගේ වරද කියල ද?"
"මං දන්නෑ. සමහරවිට මගෙ වෙන්න ඇති. මට තාත්තා වගේ experiences නෑ. ඔහොම ඒවා වෙන්න පුලුවන්."
"ඒ කියන්නේ ඔයාට ඒ ගැන සැකයක් නෑ?"
කෝපි කෝප්පය බොන අතර ම යේන්ගේ තියුණු බැල්මක් ෂමිත් වෙත යොමු විනි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...