"යේන්. අපි කියන්නේ තාත්තා එනකන් ඔයාට මේක මේ ටික දවසේ handle කරන්න කියලා. ඔයා මේ ටිකේ තාත්තා එක්කම වැඩ කරපු නිසා අපිට වඩා මේක handle කරන එක ඔයාට ලේසියි."මාධාරා සිංහපෘථිවි කියන්නට වූයේ තරමක බැගෑපත් ස්වරයකිනි. මෙතෙක් වේලා එහි නිහඬව සිටි යේන් හැර අනෙක් සියල්ලන්ගේ ම මතය වූයේ එය යි. ෂමිත් පෙර දින පැවසූ දේ නිවැරදි බව යේන්ට පසක් විය. කෙතරම් ගැටලුවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වුවත් මෙවැනි ආයතනයක් අත් හැර දැමීම කිසිසේත්ම සිදු කළ නොහැකි දෙයකි.
යේන්ට එවැනි වගකීමක් භාර ගැනීමට තුන් හිතකින්වත් අදහසක් හෝ උවමනාවක් නොවී ය. නමුත් ඔහුගේ එම කැමැත්ත අකමැත්ත එහි සිටි අන් කිසිවෙකුට අදාළ වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ සිටින සුදුසු ම පුද්ගලයාව අවශ්‍ය තනතුර වෙත බලෙන් හෝ ඇද දැමීම පමණි. ඩැනියෙල් සිංහපෘථිවිගේ මෙන් ම පවුලේ අන් අයගේ ද මතයේ වෙනසක් නොවින.
මේ සියල්ලම මැද එය යේන්ගේ මනසට ගෙන ආවේ දැඩි පීඩනයකි. කුමාර් තවමත් නිසි සුවයක් ලබා නොතිබූ අතර ඔහුට තවමත් ආයතනයේ කිසිදු දෙයකට සම්බන්ධ වන්නට ඉඩක් නොලැබිණ. එබැවින් ඔහුගේ තීරණය පිළිබඳව දැන ගන්නටවත් හැකියාවක් නොවී ය. මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න ඔහුට හොඳ වැටහීමක් ඇති බව යේන්ට ද විශ්වාස ය. ඔහුට අවශ්‍ය එක ම දේ ආයතනය තුළ සිට ඔවුන්ව වළ පල්ලට යවන්නට උත්සාහ කරන පුද්ගලයාව අතටම අල්ලා ගැනීම ය.
මේ මොහොතේ ඔහු එය අත් හැර ආයතනයේ වැඩ කටයුතුවලින් ඉවත් වුවහොත් මෙතෙක් කල් සිදු කළ සියල්ල ම නිෂ්ඵල වී යයි. එනිසා මේ අවස්ථාවේ යේන් සිටියේ ද විකල්පයකින් තොර ව ය. සියල්ල ඔහුගේ උරහිස මතට ම කඩාපාත් වන අයුරක් පෙනෙන්නට තිබිණ. අනෙක නම්, මෙවැනි බරපතල මොහොතක ආයතනය පාලනය අතට ගෙන විශාල අලාභයක් විඳින්නට සිදු වුවහොත් කිසිදු කතාවකින් තොරව එයට වගකීම දරන්නට සිදු වන්නේ යේන්ට ම යි.
මෙවැනි අවස්ථාවක අනපේක්ෂිත ලෙස විශාල අලාභයක් විඳින්නට සිදු වීම පුදුමයක් ද නොවේ. ආයතනයේ වැදගත් ම පුද්ගලයන් දෙදෙනෙකු දැනට ම අහිමි ව ඇත. ඔවුන්ගේ අඩුව පුරවන්නට හැකි කිසිවෙකුත් තවමත් නැත. එබැවින් මෙවැනි මොහොතක මෙහි පාලනය භාර ගැනීම ඉතාම අනතුරුදායක ක්‍රියාවකි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...