149 පරිච්ඡේදය

2.6K 274 183
                                    

[වසරකට පසු]

'.... Girl I into it, I'm into it~
Say she wanna fuck me
Later girl, I'm into it~
I'm into it, I'm into it~ '

ඇසෙන සින්දුවේ තාලයට ම සිවුරුහන් බාමින් කේතලයෙන්, උණු වතුර, බෝතලයට වත් කරමින් ම යේන් බිත්ති ඔරලෝසුව වෙතට නෙත් යොමු කළේ ය. මීළඟට බෝතලය වැසූ ඔහු පැන්ට්‍රිය මත වූ හිස් පිඟන් දෙකක්, ඒ වන විටත් උදේ ආහාරයට කෑම බීම තබා වසා තිබූ, මේසය මතින් තැබුවේ ය. එහි වූ කුඩා ස්පීකරය ද ක්‍රියා විරහිත කළ ඔහු එලෙස ම කුස්සියෙන් පිට විය.

ඔහු දෙවැනි මහලට යන පඩිපෙළ නැග්ගේ කොණ්ඩයේ මුහුණට වැටෙන කොටස පමණක් අල්ලා ගැටගසා තිබූ පටිය, පුරුද්දට මෙන් ගලවා හිස කේ අතරින් දෑත් යවමිනි. කුස්සියේ උයන පිහන යමක් කරනවා නම් පමණක්, තරමක් දිගු වී මුහුණට වැටෙන කෙස් රොද අල්ලා පටියකින් ගැට ගැසීම ඔහුගේ පුරුද්දකි. කලු පැහැ කොණ්ඩ පටිය කලිසම් සාක්කුවේ ඔබා ගත් ඔහු කාමරයේ අඩවල් කර තිබූ දොර අතින් තල්ලු කරමින් ම එහි ඇතුල් වූයේ ය.

"ඒ දැන් නිදා ගත්තා ඇති! Arise and shine tiger!"

තරමක උස් හඬින් කියූ යේන් සුදු පැහැ ජනෙල් තිරයක් පසෙකට ඇද්දේ ය. ඒ වන විට වසන්ත සෘතුව උදා වෙමින් තිබුණත් අත් දිගු සැහැල්ලු ටී ෂර්ටයක් ද ඇඳ සිටි ඔහුට හමා ආ සුළඟෙහි යන්තම් සීතලක් දැනිණ. එය ඉතා සුවපහසු සිසිලසකි.

එවැනි දිනවල උදෑසන අවදි වීම තරම් තවත් කම්මැලි කාර්යයක් නැත. එවැනි වේලාවක ඇඳේ කොට්ට ගොඩක් මැද ගුලි වී සිටින්නට ඇත්නම් ඊට වඩා කිසිවක් අවශ්‍ය නොවේ. ෂමිත්ට ද එසේ ම ය. සතියට දින හයකම උදෑසන අවදි වන ඔහුට මෙසේ නිවාඩු දිනයක නිදා ගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඔහුට නවය වන තෙක් නිදා ගන්නට අවස්ථාව හිමි වන්නේ එනිසාවෙනි. නමුත් අද ඊට වඩා කාලය ලබා දිය නොහැකි ය.

"ඒයි!"

ෂමිත්ගේ කකුල් අසල වූ කොට්ටයක් ඇඳේ හිස් කොටසට විසි කරමින් යේන් උස් හඬින් කතා කළේ ය. මුනින් අතට වැතිරී, පිට දක්වා පොරෝනාව ද දමාගෙන, මුහුණ අනෙක් පස හරවා කොට්ටයකට තබාගෙන සිටි ෂමිත්ගෙන් කිසිදු හැල හෝල්මනක් නොවී ය.

"නැගිටිනවා නැගිටිනවා!"

නැවත වතාවක් කියූ යේන් ඇඳේ පසෙකින් හිඳ ගනිමින් පොරෝනාව පසෙකට ඇද දැමුවේ ය. කොට කලිසමකට ඇඳ සිටි තරමක් ලොකු අත් දිගු, සැහැල්ලු ටී ෂර්ටය පොඩි වී ෂමිත්ගේ පිට සම්පූර්ණයෙන්ම පාහේ නිරාවරණය වී තිබිණි.

The Deathtrap Where stories live. Discover now