තම මවගේ නිවසට පැමිණෙන ප්‍රධාන පාර අසලින් බසයෙන් බැස ගත් ෂමිත් එහි යාමට පැකිලෙන්නේ මේ කීවෙනි වතාවට දැයි ඔහුට ද වැටහීමක් නොවී ය. ඔහු නැවතත් ඔහුගේ මව හා පියා වාසය කරන නිවසට පැමිණෙන්නේ මරන්නට ගෙන යන හරකෙකු මෙන් හැඟීමක් ඇතිව යි. ඒ නිවස ඔහුට ඒ තරමට ම අප්‍රසන්න ය. නමුත් ඔහුට අවශ්‍ය කරන ඔහුගේ පෞද්ගලික ලිපි කිහිපයක් ම තවමත් තිබුණේ එම නිවසේ යි. ඉදිරියේ දී ඔහුට ඒවා අවශ්‍ය වන බැවින් ඔහුට නැවත එහි පැමිණීමට ම සිදු විය.
ප්‍රශේන්ට දුරකථන ඇමතුමක් දුන් ඔහු අම්මා හෝ තාත්තා නිවසේ නොමැති වේලාවක් අසා දැන ගත්තේ ය. ඔහු නිවැරදිව ම පැමිණියේ ඒ වෙලාවට යි. ඔහු පැමිණෙන තෙක් ප්‍රශේන් මග බලා සිටීම ඔහුට ගෙන දුන්නේ සහනයකි. ප්‍රශේන්ගේ ද සහය ඇතිව ඔහුට ඔහුගේ පෞද්ගලික ලියකියවිලි කිහිපය සොයා ගන්නට ගත වූයේ පැයකටත් අඩු කාලයකි. ඔහුගේ මව හෝ පියා ද ඒ ගැන නොසොයන බව ඔවුන් දෙදෙනාම දැන සිටියහ.
තම උප්පැන්න සහතිකය අතට ගත් සැනින් ම ෂමිත්ට සිහිපත් වූයේ මීට පෙර දිනක යේන් සමග කතා කරමින් සිටින අතරතුර යේන් ඔහුට පැවසූ දෙයකි. මෙහි පැමිණීමට හේතුව ඔහු යේන් සමග පවසන විට දී යේන් එලෙස පැවසුවේ එතරම් නිශ්චිත අරමුණකින් නොවුනත් එය සත්‍ය බව ෂමිත්ට නිරායාසයෙන්ම වැටහිණි. ඒ තමාගේ ලියකියවිලි සමග ප්‍රශේන්ගේ ලියකියවිලි ද රැගෙන එන්නට හැකි දැයි ඔහු විමසූ පැනයකි. ඔහු එයට හේතුව වශයෙන් කීවේ ද ඒවා මෙහි තිබෙනවාට වඩා ෂමිත් භාරයේ තිබීම වඩා හොඳ බවයි.
එය නිවැරදි බව ඒ මොහොතේම ෂමිත්ට වැටහිණ. ඔහු මේ වන විටත් අම්මාටත්, තාත්තාටත් සඟවා ප්‍රශේන්ට මුදල් වියදම් කරයි. නිසි ලෙස බැලුවහොත් ළඟ නොසිටියත් ප්‍රශේන්ව මේ මොහොතේ බලා කියා ගන්නේ ෂමිත් ය. එබැවින් ඒවා ඔහුගේ භාරයට ගැනීමේ වරදක් නැති බව ඔහුට හැඟිනි.
ප්‍රශේන් එයට එක පයින් ම කැමැත්ත පළ කර ඔහුට ඒ සියල්ල සොයා අතට ම දුන්නේ ය. ඔහු නැවත නිවසට පැමිණියේ ප්‍රශේන් සමග කඩයකට ද වැදී බඩ කට පිරෙන්නට ආහාර ගැනීමෙන් පසුව යි. ඔහු නිවසට පැමිණෙන විට හවස් වී තිබිණි. නමුත් ඔහුට යාමට හැකි වූයේ නිවස සහිත ගොඩනැගිල්ලට ඇතුලු වන දොරටුව ඉදිපිටට පමණි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...