7 කොටස

588 55 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿 රූ... 🌿

7 කොටස

දවස් කීපයක් යනකන් හැමදේම උනේ සාමාන්‍ය විදියට.රුශාල්ව ඊට පස්සේ මුණ ගැහුනෙත් නෑ.හිත බලාපොරොත්තු උනේම එයා එදා වෙච්ච දේ ගැන හොයන්න මගෙ පස්සෙන් එයි කියලමයි.ඒත් එහෙම මුකුත් උනේ නෑ.එයාට ඒ කිසි දෙයක් ගානක් නෑ කියලා හිතෙද්දි හිතට දැනුනේ චූටි දුකක්.ඒත් ඒ දුක පරද්දලා හිතට සැනසීමක් දැනුනා.මොකද එයා රිතිර ගැන හොයන එකක් නැති වෙයි කියලා හිතුනු නිසා.

මං පුතුව ගන්න වෙලාව හරි නිසා හන්දියෙන් ත්‍රී වීල් එකක් කතා කරගෙන ටවුන් එකට ගියේ බැංකුවටත් යන්න හිතාගෙනමයි.කේක් වැඩ වලින් ඉතිරි කරගත්ත සල්ලි මං පුතාගෙ පොතට දාන්නේ එයා ලොකු උනාමවත් හංස අයියලාට වද දෙන්නෙ නැතිව බය නැතිව ඉන්න පුලුවන් වෙයි කියලා හිතලා.යස්මියි හංස අයියයි පුතා වෙනුවෙන් දැන් මේ කරන දේවල් වුනත් කවදාවත් මට ගෙවලා ඉවර කරන්න බැරි වේවි.

බැංකුවට ගිහින් වැඩේ කරන් එද්දි සෙනඟ නිසාම හිතුවට වඩා විනාඩි විස්සක් විතර වෙලා ගියා.පුතා බය වෙයි කියලා බයකුත් හිතේ තිබ්බා.ටක් ටක් ගාලා එතනට යනකොට අනිත් අම්මලා එයාලගෙ ලමයින්ව එක්කන් ගිහින්.මං යද්දි පුතා තවත් ලමයෙක් එක්ක සෙල්ලම.

"අන්න...රිතිර පැටියගේ අම්මා ආවා..."

එතන උන්නු මිස් එහෙම කියද්දි පුතු ටක් ගාලා මං ගාවට ආවේ එයාගෙ චූටි බෑග් එකත් අතින් ඇදගෙන.

"පැංචා....අම්මා පරක්කු උනා කියලා බය උනාද?"

මං ඇහුවේ පුතුව කිටි කිටියේ බදාගත්තට පස්සේ.

"බය නෑ....අපි චොකෝ කාවා.."

පුතු කියන්නේ කට ඇරලා දත් වල බැඳිලා තියෙන චොකලට් පෙන්නන ගමන්.හැබැයි මට තේරුනා පුතා කාලා තියෙන්නේ වයිට් චොකලට් කියලා.මට එකපාරටම මතක් උනේ රුශාල්ව.

"චොකලට්....ඒ කොහෙන්ද?"

"මාමා ගෙනත් දුන්නේ...."

පුතු එහෙම කියද්දි මගෙ හිත ගැස්සුනා.පුතා මාමා කිව්වේ රුශාල්ටද?මං මිස් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූනේ රදවගෙන.

රූWhere stories live. Discover now