20 කොටස

587 48 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿 රූ... 🌿

20 කොටස

©️Rithu_Sakura

⭕ මේ කොටස මං ලියන්නේ මගෙ දැක්මෙන්.රුවීශාගෙ දැක්මෙන් නෙමේ.ඒ නිසා පටලව ගන්න එපා.

🌿🌿🌿

හංස උන්නේ බර කල්පනාවක.දුලාරිගෙ ගෙදරින් ඇවිත් අවුලක් කරයි කියලා හංස හිතුවෙම නෑ.ඒත් වෙන්න ගිය දේ ඒ විදියට විසඳුනු එක ගැන හංස උන්නේ සැනසීමෙන්.රුවීශා කෝල් එකක් අරන් රුශාල්ට බනිනවා හංසට ඇහුනේ අහම්බෙන්.ඒත් හංසට හිතුනේ මේ දේ රුශාල් කලේ නෑ කියලමයි.ඒකට හේතුව උනේ රුශාල් කීප වතාවක්ම හංසව මීට් වෙන්න ඔෆිස් එකට ආව එක.

ඒ ආව කිසිම වතාවක හංසට නිදහසේ රුශාල් එක්ක කතා කරන්න හම්බුනේ නෑ.එකම එක පාරක් ඔෆිස් ඇරිලා යන්න යද්දි දුලාරි එක්ක හංස ඉන්නවා ආයේ වතාවක් රුශාල්ගෙ අතටම අහු උනා.ඒ වෙලාවෙත් හංස උන්නේ කරකියාගන්න දෙයක් නැතිව.ඒත් වෙනදා තරම් පුදුමයක් ඒ මූණෙ තිබ්බෙ නෑ.දුලාරියි හංසයි දෙන්නම ගාවටම ඇවිත් රුශාල් කිව්වේ හංස බලාපොරොත්තු නොවුනු දෙයක්.

"මට ඔයාලගෙ ජීවිත වලට ඇඟිලි ගහන්න අයිතියක් නෑ.ඔයා රුවීශව රවට්ටනවා වෙන්නත් බෑ.මෙයාව රවට්ටනවා වෙන්නත් බෑ.හැමවෙලාවෙම මට හිතෙන්නේ ඔයාලා මාව රවට්ටන්න හදනවා කියලා....හේතුව මොකක් උනත් කමක් නෑ.මං මේ කිසි දෙයක් ඔයාලගෙ ගෙවල් වලට කියලා අවුලවන්නෙ නෑ.ඒත්...ප්ලීස් හංස..රුවීශා මං කියන දේ අහන්න ලෑස්ති උනේ නැති එකේ ඔයාවත් මං කියන දේට ඇහුන්කන් දෙනවද?"

දුලාරි එක්ක හංස ඒ වෙලාවෙ උන්නේ තුශ්නිම්බූත වෙලා වගේ.මොකද මේ වගේ ප්‍රතිචාරයක් රුශාල්ගෙන් බලාපොරොත්තු නොවුනු නිසා.වෙන කරන්න දෙයක් නැති කමට විතරක් නෙමේ රුශාල් මෙච්චරටම කියන්න හදන දේ දැනගන්න ඕන නිසාම හංස රුශාල් එක්ක කතා බහ කරගන්න දවසක් වෙන් කරගත්තා.ඒ කිසි දෙයක් හංස රුවීශාට කිව්වේ නැත්තේ රුශාල් කියන්න හදන දේ දැනගෙනම ඉන්න එක නුවණට හුරු නිසා.

ඒත් හිතුවෙවත් නැති විදියට හංඟගෙන උන්නු දේ දුලාරිගෙ ගෙදරට ආරංචි උනේ රුශාල්ව මුණ ගැහෙන්න කලින්මයි.ඒ නිසාමයි හංසට හිතෙන්නෙ නැත්තේ මේක රුශාල් කෙරුව දෙයක් කියලා.මොකද එයාට මීට් වෙලා කතා කරන්න ඕනකමක් තියෙද්දි ඒ වගේ වැඩක් කළා වෙන්න බෑ.ඒත් විශ්වාස කරන්න තරම් ඇඳුනුම්කමකුත් හංසට නෑ.අනේ මන්දා කියාගන්න බැරි මොකක්දෝ හේතුවකට හංසගෙ හිත කියන්නෙම මේ දේ මේ විදියට ඇවිලුවේ රුශාල් නෙමේමයි කියලා.

රූWhere stories live. Discover now