කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿 රූ... 🌿
19 කොටස
©️Rithu_Sakura
දවස් ගෙවෙන්නේ මොන වේගෙන්ද කියලා හිතාගන්න බෑ.පුතා එක්ක ඔට්ටු වෙද්දි දවස මොකක්ද කියලා මතකෙට එන්නෙත් නෑ.පුතාගෙත් වැඩේම රේසින් කාර් එක පදින එක.ඒක දකිද්දි මට මතක් වෙන්නෙම රුශාල්ව.අන්තිමට එයා එක්ක ගෙවුනු පැය කීපය මතක් වෙද්දි හිතට කියා ගන්න තේරෙන්නෙ නැති පසුතැවීමක් දැනෙනවා.එයා හැසිරුන විදියට මට හිතෙන්නෙම මං එයාට ඇහුන්කන් නොදී වැරැද්දක් කර ගත්තද කියලා.ඒත් නිකිණි එක්ක එයා සමහර අවස්තාවල හැසිරුනු විදිය මතක් වෙද්දි හිතට පොඩි තරහකුත් එනවා.ඒත් දැන් ඒක ඉස්සර තරම්ම නෑ.
දවස් කීපයක් යනකන් රුශාල්ගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නෑ.අඩුම තරමෙ එයා මගෙ පස්සෙන් ආව කියන්න පුලුවන් විදියෙ සාක්ශියක් නෑ.ඉඳලා හිටලා ටවුන් එකට ගියාමවත් මගෙ ඇස් දෙක දන්නෙම නැතිව රුශාල්ව හොයනවා.එයා ගැන මොන තරහ තිබ්බත් හිත හෙව්වෙම එයාව.ඒත් එයා ආවේ නෑ.දුකක් තිබ්බත් හිතේ කොනක සැනසීමකුත් තිබ්බා.හංස අයියයි දුලාරි අක්කයි ගැන හොයන එක එයා නතර කරලා ඇති.එයා මගෙ ඉල්ලීමට ඇහුන්කන් දුන්නු එක මට සතුටක්.
අද හංස අයියගෙත් නිවාඩු දවස.එයා කවදාවත් නැතිව දවල් වෙනකන් නිදාගෙන ඉඳලා දැනුයි ඇහැරුනේ.
"රුවියෝ....මට..."
"තී එකා...ක්"
එයා මූණ කට හෝදගෙන සාලෙට එද්දිම කිව්වේ ඒක.ඒත් මට හංස අයියටයි හිනා ගියේ එයාගෙ සුපුරුදු වාක්ය සම්පූර්ණ කලේ පුතා නිසා.
"පැහැච්ච සීයා...මෙන්න මෙහෙ එනවා..."
හංස අයියා පුතාව ඔඩොක්කුවට අරගෙන පුතා එක්කම රේසින් කාර් එක යවන්න ගත්තා.මං තේ හදලා කේක් කෑලි තුනකුත් ප්ලේට් එකකට තියා ගත්තේ උදේ කෑම වෙලාව පහු වෙලා හංස අයියා ආයේ කන්නෙ නෑ කියලා දන්න නිසාමයි.තේ එක කප් එකට දාන අතරතුර මට සාලෙ දිහාවෙන් ඇහුනේ උස් හඬක්.මං ටික වෙලාවක් ඒ හඬට කන් දීගෙන උන්නා.ඒ පිරිමි හඬ කාගෙද කියලා මට හොයාගන්නම බෑ.තේ එකත් පැත්තකින් තියලා මං සාලෙට ගියේ අඩියට දෙකට.