12 කොටස

677 51 6
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿රූ🌿

©️Rithu_Sakura

12 කොටස

"තමුසෙ කොහෙවත් යන්නෙ නෑ හොඳද?ඉන්නවා ඔතනම..මං විනාඩි දහයෙන් එනවා..."

කලබලෙන් වගේ එහෙම කිව්ව රුශාල් කෝල් එක කට් කලා.එයා එනකන් කඳුලු වාවගෙන ඉවසන් උන්නු මං හෝල්ට් එකේ එහෙ මෙහෙ ඇවිද්දේ හිතට නිවනක් තිබ්බෙ නැතිම තැන.විනාඩි විස්සකට විතර පස්සේ හෝල්ට් එක ගාවින් නතර උනු බයික් එකේ උන්නේ රුශාල්.

"නඟිනවා..."

හෙල්මට් එක මගෙ අතට දීලා රුශාල් එහෙම කිව්වේ මට රවාගෙන.ඒත් මට ඒ වෙලාවෙ එයාගෙ රැවිල්ල දැකලා බය හිතුනේ නෑ.දෙකෙන් එකක් විසඳගන්නකන් මං නතර වෙන්නෙ නෑ කියලා තීරණය කරලා ඉවරයි.

රුශාල් කොහෙද යන්න හදන්නේ කියලා අහන්න උවමනාවක් මට තිබ්බෙ නෑ.ඕන උනේ කොහෙට හරි ගිහින් මේක නිදහසේ විසඳගන්න විතරයි.අපි ඉඳලා හිටලා යන්න පුරුදු වෙලා හිටිය බීච් සයිඩ් එකට එයා බයික් එක හරවද්දි මටත් හිතුනා අඬලා කරලා හරි මේක විසඳගන්න මීට වඩා සුදුසු තැනක් නෑ කියලා.බයික් එක නවත්තලා කවදත් සෙනඟ වැඩිය නැති බීච් එක පැත්තට රුශාල් මාව ඇදන් ගියා.එයාට තේරෙන්න ඇති මං ආයෙමත් රණ්ඩුවකට ලෑස්ති වෙලා ඉන්නේ කියලා.ඒත් මං එකපාරටම එයාගෙ අත ගසලා දැම්මා.මං දිහා එයා බැලුවේ හරියට මං එහෙම කරයි කියලා හිතාගන්න බෑ වගේ.

"අපි දෙන්නා පීනන්න යනවා නෙමේනේ...මේ හරියෙ ඉඳන් කතා කරමු..."

මං අත් දෙකත් බැඳන් කියද්දි එයා ඉණට අත් දෙකත් තියන් බලන් හිටියේ අමුතුවට.මං අහක බලාගත්තේ නෑ.එයාගෙ දිහාමයි බලන් උන්නේ.ටික වෙලාවක් මං දිහා බලන් ඉඳලා එයා ඇස් දෙක වහන් ලොකු හුස්මක් පිට කළේ අත් දෙකෙන්ම කොණ්ඩෙත් පිටිපස්සට කරන ගමන්.

"හරි...මං කියන්නම්...ඉස්සෙල්ලා හිතේ තියෙන තරහ අඩු කරන් ඉන්න.මොකද ඔයාට මං දැන් මොනා කිව්වත් තරහ යන මූණක් තියෙන්නේ..."

වීඩියෝ එක දෑහින්ම දැකලත් කිසිම ගාණක් නැතිව එයා කියද්දි මට පුදුමත් හිතුනා.ඇත්තටම රුශාල්ට තේරෙන්නෙ නැද්ද මගෙ හිතේ තියෙන වේදනාව?

රූWaar verhalen tot leven komen. Ontdek het nu