කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿 රූ... 🌿
6 කොටස
මං විනාඩි දහයකට පහලවකට වඩා වොශ් රූම් එකේ ඉන්න ඇති.මට එලියට එන්න හිතුනේ නෑ.කණ්ණාඩියෙන් පේන මගේම ප්රතිබිම්බය දිහා මං බලන් උන්නේ අඬලා අඬලා ඉදිමිලා තිබ්බ ඇස් දෙකෙන්.ඒ අතරේ ෆෝන් එක රිං වෙද්දි මං සාක්කුවෙන් ඒක ඇදලා අතට ගත්තා.කතා කලේ රුශාල්.පිට තැනකට ඇවිත් කලබලයක් කරන්න ඕනෙ නැති නිසාම මං ඒක ආන්සර් කළා.
"හෙලෝ...."
"කොහෙද ගෑනියේ ඉන්නේ??මං දැන් විනාඩි පහක් විතර තිස්සේ තමුසෙව හොයනවා..මොන මඟුලෙද ඉන්නේ?"
රුශාල් තරහින් කිව්වේ කෑ ගහලා වගේ.මටත් ආවේ වේදනාව පිට වෙන්නත් එක්ක කෑ ගහන්න තරම් හැඟීමක්.
"මං...වොශ්..රූම්...එකේ"
මං කිව්වේ තරහව වේදනාව හංගගෙන.
"වොශ් රූම් එකේ පැල වෙලාද?එනවා එලියට දැන්මම"
රුශාල් ඒ සැනින් කෝල් කට් කලා.ලොකු හුස්මක් පිට කෙරුව මං මූනත් තෙත මාත්තු කරගෙන එලියට ආවා.අඩියක් දෙකක් යන්න උනේ නෑ තුවායකුත් පටලවගෙන මං ඉස්සරහ උන්නේ රුශාල්.මාව දැක්කා විතරයි රුශාල් මගෙ අතක් මිරිකලා අල්ල ගත්තා.
"මොන තූත්තුකුඩියෙද හිටියේ ඕයි???පූල් එකෙන් එලියට එනකොට තමුසෙ නෑ...හැමතැනම හෙව්වා...යන තැනකට කියලා යන්න බැයිද?බිම බලන් ඉන්නේ බලනවා මං දිහා"
රුශාල් එහෙම කියද්දි තමා මං එයාගෙ මූණ දිහා බැලුවේ.ඒත් මගෙ මූණ දිහා බැලුව රුශාල්ගෙ මූණෙ තරහව එකපාරටම නැති උනා වගේ.මිරිකලා අල්ලන් උන්නු මගෙ අත බුරුල් කෙරුව රුශාල් මගෙ මූණට එබුනා.
"මොකෝ මේ ඇස් ඉදිමිලා?තමුසෙ ඇඬුවද ආ???"
එයා එහෙම ඇහුවට මං දන්නවා මං අඬලා ඉන්නෙ කියලා එයාට තේරුනා කියලා.මං ඔලුව වැනුවේ ඔව් කියන්න.බලන් ඉද්දි ඒ බැල්ම මෙලෙක් උනා.
"නිකිණි මොනා හරි කිව්වද?"
මායි නිකිණියි කතා කෙරුවා කියන්න නොදැනම එයා එහෙම අහද්දි මට පුදුමත් හිතුනා.අර කිව්වත් වගේ නිකිණි හැමදේම රුශාල් එක්ක කියනවද?