9 කොටස

601 56 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿රූ🌿

9 කොටස

මං ෆෝන් එක අතේ තියාගෙන උන්නේ කල්පනා ලෝකෙක.රුශාල් මේ ෆොටෝස් කවදා කොහොම ගත්තද කියන්න මට තේරෙන්නෙ නෑ.මේ ෆොටෝස් ටික ගන්න එයා දවස් ගානක් ඔට්ටු වෙලා කියල නම් මට පැහැදිලියි.

ඒකෙ තිබ්බේ හංස අයියා දුලාරි අක්කා එක්ක මුණ ගැහුනු ඒවා.ඒ දෙන්නා එකට ඉන්න ෆොටෝස්.ඒ හැම එකකම හංස අයියා උන්නේ දුලාරි අක්කව තුරුලු කරගෙන.එහෙමත් නැත්තම් අත් පටලවගෙන.එතකොට රුශාල් සයිලන්ට් එකේ දවස් කීපයක් උන්නා කියලා හිතුවට ඒක ඇත්ත නෙමේ.හවස හංස අයියා ආවම මං ඒ ෆොටෝස් ටික පෙන්නන්දී ඒ මූණ අමුතු වෙලා ගියා.

"යකෝ...මේකා තමුසෙව නෙමේනෙ ෆලෝ කරලා තියෙන්නේ මාවනේ...ශිට්...එදා බලපු බැල්මෙන්ම මට තේරුනා මොනා හරි කරයි කියලා"

හංස අයියා කියද්දි මට නිකන්ම ඇඟිල්ලක් හැපුනා.ඉස්සරහට මොනා වෙයිද කියලා මට නම් හිතාගන්න බෑ.

"සී.අයි.ඩී. ජොබ් එකක් දෙන්න වටිනවා.මෙච්චර ලඟට ඇවිත් දවස් ගානක් මාව ෆලෝ කරලා මං දන්නෙත් නෑ..."

එයා කියන්නේ තව පාරක් ෆොටෝස් ටික බලන ගමන්.

"ඔයා දැන් අහස පොලව ගැටගහන්න කල්පනා කරන්න ඕනෙ නෑ.ඇයි ෆොටෝස් එව්වා කියලා අපිට හෙන ගහනවා කියලද?මට බලාගන්න ඕනේ මේකාගෙ හිතේ තියෙන දේ.අර නිකිණි කියන කෙල්ල එක්ක නම් දැන් ඉන්නේ ආයේ තමුසෙගෙ පස්සෙන් එන්න හොඳ හේතුවක් ඕකට තියෙන්න එපැයි.බලමුකෝ..."

මගෙ අතට ෆෝන් එක දීලා හංස අයියා ගියාට මගෙ හිතේ නම් ප්‍රශ්න ගොඩයි.හංස අයියට හිතෙන දේ තමා දැන් මටත් හිතෙන්නේ.එයා දැන් ආදරේ කරන්නේ නිකිණිට නම් ඇයි දැන් මගෙ දේවල් හොයන්නේ?රුශාල්ව නම් තේරුම් ගන්නම බෑ වෙලාවකට.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

අතීතයෙන් දවසක්...

සෙනසුරාදා දවසේ මං උන්නේ යස්මිගෙ ගෙදර ඇවිත්.සැලරි එකත් හම්බුනු නිසා මං ඒ ගෙදරට බඩු ටිකක් ගිහින් දැම්මේ ආන්ටි බනිද්දිමයි.

රූDonde viven las historias. Descúbrelo ahora