අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗
🌿රූ🌿
24 කොටස
©️Rithu_Sakura
"ආහ්..."
නිකිණි දික්කරන් ආව පිහියෙ කොණකට මගෙ වැලමිටට උඩින් ලාවට කැපිලා ගියේ දැවිල්ලක් වගේ වේදනාවක් එද්දි.ගැඹුරටම කැපෙන්න තිබ්බා එයා ඒ ආව වේගෙට.ඒත් රුශාල් මාව අහකට ඇද්ද නිසා මාව නූලෙන් බේරුනේ.
"උඹව මං අද ඉතුරු කරන්නෙ නෑ ගෑණියේ"
මාව ආයේ ආපස්සට කරගෙන රුශාල් කිව්වේ නිකිණිගෙන් පිහිය උදුරගෙන නිකිණිගෙ බෙල්ලෙන් අල්ලගෙන.
"මං...අරකිව..මරනවා"
ඒ දේ කරන්න ඉඩක් නෑ කියලා දැනගෙනත් නිකිණි අමාරුවෙන් කිව්වේ මගෙ දිහාට අර වියරු බැල්මෙන්ම බලාගෙන.තුවාලෙ වෙච්ච අතින් වෑහෙන ලේ එන එක වලක්කගන්න මං අනිත් අතින් තුවාලෙ අල්ලගත්තා.
"තෝ ඒක කරනකන් මං බලන් ඉඳීවී කියලද ගෑණියේ උඹ හිතන්නේ ආ?"
රුශාල් නිකිණිගෙ බෙල්ල තවත් තදින් අල්ලගද්දි මට ඇත්තටම බය හිතුනා නිකිණි මැරෙයි කියලා.ඒත් නිකිණිගෙ ඇස් වල එහෙම කිසිම වේදනාවක් පේන්න නෑ.බෙල්ල තදකරන් ඉන්න රුශාල්ගෙ අත හයියෙන් අල්ලගෙන නිකිණි හිනා වෙද්දි මටත් හිතුනා නිකිණිට පාරක් ගහන්න.
"අරකිගෙ ෆොටෝස්...මං අප්ලෝඩ් කලාම ඒකිගෙ...නම්බුව ඉවරයි...හහ්..තමුසෙ දන්නවා ඒක..."
නිකිණි කිව්ව බහුභූතේ තේරුම් ගන්න බැරිව මං ඒ දිහාම බලන් ඉද්දි රුශාලුත් හිනා වෙනවා මං දැක්කා.
"උඹ හිතන්නේ තාමත් ඒවා උඹ ගාව තියෙනවා කියලද???හහ්...උඹ ගාව තියෙන ඒ හැම මලජරාවක්ම මං විනාශ කරලා ඉවරයි...තමුසෙගෙ ලැප් එකේ දැන් ඒවා කිසිම දෙයක් නෑ..."
රුශාල් කියද්දි බලන් ඉන්නැද්දි නිකිණිගෙ මූණ වෙනස් උනා.බලාපොරොත්තු කඩවුනා වගේ බැල්මකින් ඒ මූණ රතු වෙන්න වැඩි වෙලා ගියේ නෑ.
"නෑ...උඹට ඒවා මකන්න බෑ..ඒවා තාම තියෙනවා...මං අරකිගෙ නම්බුව නැති කරලයි පස්ස බලන්නේ..රුශාල්...මං උඹව ඒකිට දෙන්නෙ නෑ...දැනගනින්"