10 කොටස

580 58 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌿රූ🌿

10 කොටස

"රැවටෙනවා කියලා දැන දැන මං ආදරේ කෙරුව එකම කෙනා හංස නෙමේනේ රුශාල්..."

හිතේ පැලපදියම් වෙලා තිබ්බ දුක වචන වලට පෙරලලා මං කිව්වේ ටිකක් ආවේගෙන්.මං හොඳටම දැක්කා රුශාල් පොඩ්ඩක් නොසන්සුන් වෙනවා.ඒත් ඊටත් වඩා මට පෙනුනේ හරිම කලකිරීමක්.ඉස්සරත් මට දෙයක් තේරුම් කරවන්න බැරිව එයාහෙ මූණෙ ඇදුනේ මේ වගේම කනස්සල්ලක්.

"මං යනවා..ප්ලීස්...දැන්වත් මං කියන්නේ පාඩුවෙ ඉන්න දෙන්න කියලා.ඔයාට හොයලා බලන්න කෙල්ලෙක් ඉන්නවා...ඒක අමතක කරන්න එපා..."

මං කිව්වේ ආයෙ වීල් එක දිහාට යන්න හදන ගමන්.

"ඒ කෙල්ල ගැන තමා මං මේ හොයන්නේ..."

හරිම තියුනු හඬකින් කිව්ව රුශාල් මං දිහා බැලුවෙත් ඒ වගේම සැර බැල්මකින්.මං හැරිලා ආයෙ ඒ මූණ දිහා බැලුවා.එයා ඒ කිව්ව කෙල්ල මමද?හිත පඹගාලක පැටලිලා තියෙද්දි මං වීල් එකට නැග්ගේ පුතාවත් තුරුලු කරගෙනමයි.ඒ වෙලාවෙ ඩේටා ඔන් කරන් උන්නු ෆෝන් එකට ආව මැසෙන්ජර් පනිවිඩේකින් අවධානය වෙනස් උනු මං ෆෝන් එක බෑග් එකෙන් ඇදලා ගත්තා.මැසේජ් එක රුශාල්ගෙන්.ඒත් මගෙ ඇඟේ හිරිගඩු පිපුනේ ඒක එව්වේ රුශාල් නිසා නම් නෙමේ.රුශාල් එවලා තිබ්බ දේ නිසායි.

"පුතාව දැක්කම මට මතක් වෙන්නේ මගෙ පොඩි කාලේ රුවීශා.මං දන්නෙ නෑ ඇයි මට එහෙම වෙන්නේ කියලා.හේතුව මොකක් උනත් ආයේ මාව දැකලා පුතාව මගෙන් හංඟන්න හදන්න එපා..."

මගෙ අත් වෙව්ලනවා එයා ඒ එවලා තිබ්බ දේට.පැංචාව දකිද්දි එයාට එයාගෙම පොඩි කාලේ මතක් වෙන එක පුදුමයක් නෙමේ.දැනටමත් පුතා රුශාල් වගේමයි.මගෙ රූපෙට වඩා රුශාල්ටයි සමාන.ඒත් එයා එහෙම හිතන්නේ මේ ඉන්නේ එයාගෙ ලේ කියලා සැක හිතිලද?ඇත්ත දැනගත්තොත් රුශාල් පුතාව ගනීවි ද?මෙච්චර කාලෙකට ඇත්ත හැංගුවා කියලා එයා මගෙන් පලි ගනීවි.තරහ ගියාම ඒ තරමටම නපුරුයි එයා.

මං ගෙදර ආවේ සිහියකින් නෙමේ.මට නිකන් පිස්සු වගේ.යස්මිවත් ලඟ නෑ හිතේ බර නිදහස් කරගන්න.හංස අයියට කිව්වොත් ඊට හපන්.එයාටත් තරහ යන්නේ හරි ඉක්මනට.පේජ් එක අයින් කරන්න හිතුනත් අන්තිමට මට තේරුනා මාව සම්බන්ද කරගන්න එයාට ඕන තරම් ක්‍රම ඇති කියලා.තනියම ඇඳුම් මාරු කරගන්න හදන පුතාව දැකලා මට මහ ලෝබකමක් දැනුනා.එයා නැතිව මං කොහොමද ඉන්නේ?මේ තමා මගෙ ලෝකේ.ආයේ රුශාල් ආවොත් බැනලා එලවගන්න ඕනමයි කියලා හිතලා මං මගේ හිත දැඩි කරගත්තා.

රූWhere stories live. Discover now