5 කොටස

988 78 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌿රූ...🌿

5 කොටස

"අපි යමු..."

මං ට්‍රයිශෝ එකේ අයියට කිව්වේ රුශාල්ට යන්නම් කියන්නෙවත් නොකියා.එකපාරටම ට්‍රයිශෝ එක ඉස්සරහට යද්දි මං පැති කන්නාඩියෙන් දැක්කා රුශාල්ව ගැස්සෙනවා කියලා.එයා අපි යන දිහා බලන් ඉද්දි නිකිණි ඇවිත් එයාගෙ අතේ එල්ලුනා මට ලාවට පෙනුනා.මං රුශාල් දුන්නු පාර්සල් එකත් පපුවට තද කරන් ඇස් දෙක පියාගත්තේ ඇහෙන් උනපු කදුලු බිංදුවට ගලාගෙන යන්න ඉඩ දීගෙනමයි.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

අතීතයේ දවසක්...

එදා හොඳටම වැස්ස දවසක්.වැඩ ඇරිලා බස් එකේ මං ආවේ රුශාල්
එක්කමයි.වැස්සයි හුලඟයි නිසා ගහක් කඩන් වැටිලා ඒ වෙද්දි අපි ඉන්න හරියට පවර් කට් එකක් වෙලා.කොහොමත් රුශාල් හැමදාම මාව බෝඩිම ගාවට ඇරලවලමයි ආයේ යන්නේ.එයාට දැන් ඒක පුරුද්දක් වෙලා.ඒ නිසා වැස්ස වෙලාවේ කරන්ට් එකත් නැතිව බෝඩිම වෙනකන් යන්න මට බයක් තිබ්බෙ නෑ.රුශාල් ගාව තිබ්බ ලොකු කුඩේ යටින් අපි ගියේ තුරුල් වෙලා වගේ.ඒත් වැඩක් නෑ.වැස්සෙ සැරට අපි දෙන්නව හොඳටම තෙමිලා.

කලුවර නිසා බෝඩිමට යන්න පේන්නෙවත් නැති තරම්.ඒ නිසාම එයා මාවත් එක්ක වෙනමම හදලා තියෙන බෝඩිම් කාමර ලඟට වෙනකන්ම ආවා.වෙනමම හදලා තියෙනවා කිව්වට බෝඩිං කාමර තුන තිබ්බේ ආන්ටිලාගෙ ගෙදර උඩ තට්ටුවෙමයි.හැබැයි පඩිපෙල තිබ්බෙ එලියෙන්.

"මේක නම් යක්ස වැස්සක්...ශිහ්....තෙමිච්ච කුකුලෙක් වගේ දැන් නම්...."

එයා කිව්වේ කුඩේ අකුලලා මං ඉන්න කාමරේ දොරකඩින් තියලා.මං කලුවරේම කොහොම හරි දොර ඇර ගත්තා.කාමරේම කට්ට කලුවරයි.ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගෙන මං ඇතුලට ආවත් රුශාල් තාමත් දොරකඩ.

"මෙහෙ එන්න...මොකද කරන්නේ?ඔතනට හිරිකඩ එනවා..."

මං කිව්වේ හොඳටම තෙමිලා ඉන්න රුශාල් දිහා බලලා.පව්.එයාගෙ ශර්ට් එක ඇඟටම ඇලිලා.මං එහෙම කිව්වට එයාගෙ ඇස් තිබ්බෙ වෙන දිහාවක.

රූOnde histórias criam vida. Descubra agora