කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿රූ🌿
4 කොටස
"මූඩ් ගහන් ඉන්න එපා...උන් උන්ගෙ ජීවිතේ ගෙවපුදෙන්...තමුසෙ සතුටින් ඉන්නවා උන්ට පේන්නත් එක්කම.ඒ නැතත් අරූට අද හෙටම තේරෙයි මැනිකක් විසි කරලා හොයන් තියෙන්නේ දලං කෑල්ලක් කියලා...මට නම් ඒ වගේ හාලි කටවල් පේන්න බෑ...හොඳ වැඩේ අරූට..."
හංස අයියා එහෙම කියද්දි මට මතක් උනේ රුශාල් නිකිණිගෙ අත ගසලා දාලා ගිය හැටි.එයා මං දිහා බලන් උන්නු හැටි.ඒ ඇස් වලින් කියන්න හදන දේ මට තේරෙන්නෙ නෑ.රුශාල් ඉන්නෙ දුකෙන්ද?මාව නැති කරගත්තට එයා පසුතැවෙනවද?
නෑ.එහෙම වෙන්න විදියක් නෑ.එයා මට අවංකවම ආදරේ කලා නම් අපි දෙන්නා අතරමැද්දට ආව කෙල්ලවම එයා මැරි කරන්න හදයිද?නෑ.රුශාල් කරලා තියෙන්නේ වංචාවක්.
වංචාවක් විතරමයි.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
අතීතයේ දවසක්...
මං එෆ් බී එකේ උන්නේ කම්මැලිකමින්.රුශාල්මයි මගෙ පරණ ෆෝන් කට්ට අයින් කරන්න කියලා අලුත් ෆෝන් එකක් මට අරන් දුන්නේ.
එයා ඔෆිස් එකේ අයත් එක්ක ස්ටාෆ් ට්රිප් එක ගිහින් ට්රින්කොමලී වලට.එයා යාලුවෝ එක්ක ඉද්දි සැරෙන් සැරේ කෝල් කර කර වද දෙන්නත් බෑ.ඒත් එයාට මාව අමතක නෑ.පැය බාගෙන් බාගෙට වගේ රුශාල් මට මැසේජ් එකක් එවන්නේ එහෙ වෙන දේවල් කියන ගමන්මයි.හිතට සැනසීමකට තිබ්බේ ඒ දේ විතරයි.ඒ අතරේ තමයි රුශාල්ව ටැග් කරලා දාපු පෝස්ට් එකක් මගෙ නෙත ගැටුනේ.
"අනේ දෙයියනේ..."
ඒක දැක්ක වෙලාවෙ ඉඳන් මගෙ හදවතේ වේගෙ වැඩි උනා.මගෙ අත් දෙක වෙව්ලන්න ගත්තෙත් ඇස් වලට කඳුලු ඉනුවෙත් එකටමයි.
"My life...හිත නැවතුනු තැන..."
රුශාල්ව ටැග් කරලා එහෙම පෝස්ට් එකක් දාලා තිබ්බේ නිකිණි.එයාව මං එකම එක පාරක් මීට් වෙලා තියෙනවා.ඒත් ඒ හැමදේකටම වඩා මට දරාගන්න බැරි උනේ එයා රුශාල් එක්ක ඉන්න විදිය.රුශාල්ගෙ බෙල්ල බදාගෙන හරියට එයාගෙ කම්මුලට කිස් එකක් දෙන්න තරම් සමීපව.