කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿 රූ... 🌿
21 කොටස
©️Rithu_Sakura
මේ කොටසත් ලියැවෙන්නේ මගේ දැක්මෙන්.
🍃🍃🍃
දින ගෙවී යද්දි හංස උන්නේ තීරණාත්මක අවදියක.මොකද දැන් රුශාල්ගෙයි රුවීශාගෙයි අනාගතේ ගැන තීරණේ ගන්න වෙලා තියෙන්නේ හංසට නිසා.නිශාන්තයි ලාලනියි කිව්ව දේවල් ඇහුවට පස්සේ තවත් කට පියන් ඉන්න හංසට බෑ.ඒ නැතත් එයාලා යන්න කලින් හංස එයාලට කිව්ව දේත් එක්ක දැන් එයාලා ඉන්නේ අදහගන්න බැරි අවස්තාවක.ඒ හිත් කඩන්න හංසට දැන් කොහොමත් බෑ.
තකහනියේ දුලාරිව හොයන් ගිය හංස ඒ දේ දුලාරි එක්ක කිව්වේ හිතේ හිර කරන් ඉන්න බැරි නිසාම නෙමේ දුලාරි හොඳ තීරණයක් දෙයි කියලා හිතලා.ඒකමයි හංස හිතේ වැඩ කෙරුව සැලසුම ගැනත් දුලාරිට කිව්වේ.
"ඔයා මොකද කියන්නේ?අපි මේ දේ කරමු නේද?රුශාල් මෙච්චර දුකක් වින්ඳා කියලා දැන දැනත් මට අහක බලන් ඉන්න බෑ.ඔයා මොකද කියන්නේ?මං කරන්නෙ වැරැද්දක්ද?"
හංස උන්නේ හොඳටම කැලඹිලා.දුලාරිට හංසගෙ තත්වෙ තේරුම් ගන්න අමාරු නෑ.මොන ප්රශ්නෙ තිබ්බත් තමන් ලගට ඇවිත් තීරණයක් ගන්න කලින් අහලා බලන ඒ පුරුද්දට දුලාරි ඇත්තටම කැමතියි.
"කිසිම වැරැද්දක් නෑ.ඔයාම හිතන්නකෝ.අවුරුදු තුනකට කලින් රුශාල් ඔයා වගේ ඉවසිලිවන්තව හැසිරිලා රුවී මං වගේ හොඳ සවන්දෙන්නෙක් වගේ හැසිරුනා නම් අද ඒ දෙන්නා ගොඩක් සතුටින් ඉන්න තිබ්බා.අනික ඒ දෙන්නා තාමත් දෙන්නට දෙන්නා ආදරෙයි.ඒත් රුශාලුයි රුවීශායි මේ වෙන දේවල් එක්ක කවදාවත් ඉස්සරහට අඩියක් තියන්නේ නෑ.ඉතින් හැම ඇත්තක්ම දන්න අපි දෙන්නා සද්ද නැතිව උන්නොත් තමා ඒක වැරැද්දක් වෙන්නේ"
හංස ඒ වචන ටිකට ඇහුන්කන් දුන්නේ ගොඩක් සාවදානව.මොනා නැතත් දුලාරි කියන දේ ඇත්ත.හිතේ ප්රශ්නෙට සහනයක් ගෙනාව නිසාම හංස දුලාරිගෙ අත පටලව ගත්තේ හරිම ආදරේකින්.
"තමුසෙ නම් මට ම ඉපදිච්ච කෙල්ලෙක් දුලා"
හංස කිව්වේ ඒ අත සියුම්ව සිපගෙන.දුලාරි ආඩම්බරෙන් ඇඳුමේ කොලර් එක ඉස්සුවේ ලස්සනට හිනා වෙලා.