කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌿රූ🌿
©️Rithu_Sakura
11 කොටස
"උඩ බලන්ද තමුසෙ යන්නේ??"
ඒත් ඒ තප්පරේට කන ගාවින්ම ඇහුනු ගෝරනාඩුවට මගේ ඇඟේ මයිල් කෙලින් උනා.
"රුශාල්....???"
අඩ අඳුරෙම මාව තද කරන් අල්ලගෙන ඉන්න රුශාල්ව දැකලා මගෙ හදගැස්ම වැඩි උනේ බයටමයි.ඒ ඇස් රතු වෙලා.දෙයියනේ...එයා දුලාරි අක්කවයි හංස අයියවයි ආයෙමත් දකින්න ඇති.ඒ කේන්තියෙන් ලේ පිරිලා දිලිසෙන ඇස් දෙක දිහා බලලා මට තේරුනා ආයෙත් හැමදේම හොඳටම අවුල් වෙන්න යන්නෙ කියලා.
"ඔව්...රුශාල් තමා...තව අඩියක් ඉස්සරහට තිබ්බ නම් මූණ ඇණගෙන දතක් දෙකක් ගලෝගන්නත් තිබ්බා.තමුසෙට ඇවිදින එකවත් සිහියෙන් කරන්න බැරිද..?"
ඉස්සර වගේම නපුරු තාලෙට එයා කියද්දි මට දැනුනේ බයක්.
"මං..මේ...අර පොන්ඩ් එක...ගාවට යන්නයි..හැදුවේ..."
මං කිව්වේ තව අඩි දහයක් විතර එහායින් තියෙන පොන්ඩ් එක පෙන්නලා.මං දන්නෙ නෑ එයා සැර කරද්දි මට මෙච්චර බයක් දැනෙන්නෙ ඇයි කියලා.ඒත් ඊලඟ ක්ෂණයෙම මට කල්පනා උනේ වෙන දෙයක්.මං මොකටද රුශාල්ට නිදහසට කාරණා කියන්නේ?ඒ නැතත් එයා මොකද මෙහෙ කරන්නේ?ආයෙත් හංස අයියවයි දුලාරි අක්කවයි මට මතක් උනේ හෙණයක් ඔලුවට වැදුනා වගේ.
"ඔ..ඔයා ඇයි මෙහෙම මාව ෆලෝ කරන්නේ රුශාල්?ඔයාට මං සැරයකුත් කිව්වා අපිට පාඩුවෙ ඉන්න දෙන්න කියලා.සැරින් සැරේ මෙහෙම මගෙ පස්සෙන් ඇවිල්ලා ඇයි මගෙ සැනසීම නැති කරන්නේ?"
මං කිව්වේ හිතේ තියෙනවට වඩා කේන්තියක් හඬට ආවේශ කරන්.මං වැටෙයි කියලා වගේ අල්ලන් උන්නු මගේ අත තව ටිකක් එයාගෙ ග්රහණයට නතු වුනේ මං ඒ ටික අහලා ඉවර වෙද්දිමයි.
"මං තමුසෙගෙ පස්සෙන් එන්නෙ ඇයි කියලා සැරින් සැරේ මතක් කරවන්න ඕනෙ නෑනෙ නේද?"
එයා ඇඟිල්ලකුත් දික් කරන් ඇහුවේ හරියට තර්ජනය කරන්න වගේ.ඒත් රුශාල්ගෙ හැසිරීම දරාගන්න බැරිම තැන මං එයාගෙ අත බලෙන්ම වගේ මගේ අතින් මුදවගත්තා.