18

1.8K 89 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️18 කොටස💜️

කන ළඟින් ඇහුනු හඬට සාරංග ගැස්සිලා යද්දි ඔහු අසලම හිනා වෙවී උන්නේ වෙන කවුරුත් නෙමේ මුතූ.

"මොකක්ද කිව්වේ?"

සාරංග ඇහුවේ ඔහුට කළින් ඇහිච්ච දේ හරිද කියලා බලාගන්න.

"ඇහුනෙ නැතිව නෙමේනේ.ඒ නිසා නේද ගැස්සුනේ??කැමරාවක් ළඟ තියාගෙන ඉන්න එකේ ලස්සන ෆොටෝ එකක් ගහන් ළඟ තියාගන්නවකෝ.එතකොට හරි"

මුතූ කියන්නේ සාරංගව තවත් අවුස්සන්න කියලා හිතාගෙන.මුතූ සෑහෙන්න වෙලාවක ඉඳන් බලාගෙන උන්නේ සාරංගගේ ඇස් අහිංසා දිහාම රැඳිලා තියෙන හැටි.

"ළඟ තියන් මං මොනා කරන්නද?ඉන්නවා පණ්ඩිතකම් නොකියා"

සාරංග මුතූව ගණන් නොගෙන මුතූට බැනලා පැත්තකට ගියේ වෙච්ච අපහසුතාවයෙන් ගැලවෙන්න.කිව්වත් වගේම අහිංසාගේ ෆොටෝ එකක් ගහන්න ආසාවක් ඔහුට ඇවිල්ලායි තිබ්බේ.වෙනදා නම් කාගෙන්වත් අහන්නෙ නැතිව කැන්ඩිඩ් ෆොටෝස් ගත්තට අද අහිංසාගේ දිහාට කැමරාවක් අල්ලන්නවත් බැරි තරමට චකිතයක් ඔහුගේ හිතට ඇවිත්.මුතූ කිව්ව දේවල් එක්ක තවත් ඒ හැඟීම වැඩි උනා.ළඟකදි ඉඳන් හිතට වෙන දේ ඔහුටවත් තේරුම් ගන්න බැරිවයි ඉන්නේ.

අහිංසාගෙ මැඩම් ආවටත් පස්සේ නැකැත් වෙලාවත් හරි නිසා සැලෝන් එක ඕපන් කරන්න ගිරිරාජ් කිව්වේ අහිංසා මාධව එනකන් පාර බල බල ඉඳ්දි.

"අප්පච්චි ලොකු අයියා..."

ඇගේ හිතට හරි නෑ.මොනා උනත් ඇගේ මේ වැඩේට ඇයට පවුලේ හැමෝම ළඟින් ඉන්න එක වටිනවා.

"අයියා එන්න තව පැය භාගයක් වගේ යයිලු.වෙලාව පහු වෙනවනේ..පටන් ගන්න"

කේශව අහිංසාට කිව්වේ ඇගේ කන අසලට නැමිලා.වෙන කරන්න දෙයක් නැතිකමට අහිංසා කතුරු දෙකක් දුන්නේ ඇගේ ගුරුවරියට සහ ගිරිරාජ්ට.දෙන්නම නැකැත් වෙලාවට රිබන් පටිය කපද්දී සාරංග ඒ හැමදේම ඔහුගේ කැමරා කාචයට හසු කරගත්තා.පොල්තෙල් පහනත් පත්තු කරලා හැමදේම ලස්සනට පිළිවෙලට වෙද්දි අහිංසාට දැනුනේ ලොවක් දින්නා වගේ හැඟීමක්.චාන්‍යායි මුතූයි ටක් ගාලා කෑම මේසේ ලෑස්ති කරලා ඉවර වෙද්දිමයි මාධවයි විහාරයි ආවේ.අහිංසා ඔහුව දැක්කා විතරයි දුවගෙන ආවේ හිනාවේගෙන.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now