42

2.2K 106 3
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️42 කොටස💜️

තිහස් මුතූගේ දෙතොලින් මෑත් උනේ වේගයෙන්.ඒත් බියට පත් වෙච්ච මුතූ නම් උන්නේ ඔහුගේ කමිසයෙන් තදින් අල්ලගෙන.මොනාවත් හිතාගන්න කළින් ඔවුන් දෙසට අහිංසා ඇවිදගෙන ආවේ වේගයෙන්.

"අහකට වෙනවා මේ කෙල්ලගෙන්.මොකක්ද මේ කරන්න හදන බලු වැඩේ??ඒ පාර බලහත්කාරකමුත් කරන්න ගත්තද ආ??"

අතේ තිබුනු කෑම පාර්සලයත් එල්ලගෙන අහිංසා මුතූව ඇදලා අරන් තිහස්ට ඇඟිල්ල දික්කළේ කේන්තියෙන්.ඇය එද්දි තිහස් මුතූගෙ දිහාට නැමිලා ඉන්න විදියට අහිංසාට හිතුනේ වෙන දෙයක්.

"අහිංසා..ඔයා වැරදියට..."

"කට වහගන්නවා හොඳද?මේ කෙල්ල හිත හදාගත්තා විතරයි.ආයෙමත් ලෙඩ කරවලා පිස්සියෙක් කරන්නද ඕනේ?තමුන් එහෙම හිතන් ඉන්නවා නම් ඒවා හීන විතරයි.ඉන්නවකෝ මං සාරංග අයියට කෝල් කරලා කියන්න"

තිහස් ගැන අහිංසාට තාමත් තියෙන්නේ තරහක්.මුතූ අවුරුදු ගාණක් තිස්සේ වින්ඳ දුක ඇහුව වෙලාවේ ඉඳන් අහිංසාගේ හිතේ ඔහු ගැන තියෙන්නේ තරහක් කළකිරීමක් විතරයි.

"අනේ අක්කී..එපා.."

"බය නැතිව ඉන්න පැට්ටෝ..මං බලාගන්නම්"

"අනේ ඔයා හිතන විදියෙ දෙයක් උනේ නෑ.අහිංසා අක්කී අහන්නකෝ ප්ලීස්..නිකී අයියාට කියන්න එපා.."

ඒත් අහිංසා මුතූ කියන දෙයක් අහන්නෙ නැතිව සාරංගට ඇමතුමක් ගන්න හදද්දී මුතූ ඒ ෆෝන් එක උදුරලා ඇමතුම විසන්ධි කළේ අහිංසා කලබල වෙද්දී.

"පිස්සුද මුතූ?ඇයි කට් කළේ?ඔය ෆෝන් එක දෙන්න මෙහාට"

මුතූ කළේ ෆෝන් එකත් අතේ ගුලි කරන් තිහස්ට මුවා වුනු එක.ඇය කෙරුව දේට අහිංසා උන්නු තැනම ගල් ගැහුනේ මුතූ තාමත් තිහස්ගෙ පැත්ත ගනීවි කියලා නොහිතුව නිසා.

"මට මගෙ කෙල්ලව ආයේ ඕනා අහිංසා.ප්ලීස්..මාව තේරුම් ගන්න"

අහිංසා ඉන්නේ කේන්තියෙන් වගේම පුදුමයෙන් කියලා තේරුම් ගත්ත තිහස් ආයාචනා කළේ පුලුවන් තරම් සංයමයෙන්.ඔහු දන්නවා අහිංසාට ඔහු එක්ක තියෙන කේන්තිය සාධාරණයි කියලා.ඒ දේට ඕන දඬුවමක් විඳින්නත් ඔහු ලෑස්තියි.හැබැයි මුතූව ආයේ නැති කරගන්න ඔහුට බෑ.ඉතින් තිහස් කතා කළ ස්වරය හමුවේ අහිංසා මොහොතකට පසු බැස්සා.ඇය වචනයක්වත් නොකියා මුතූ දිහා බලද්දී මුතූත් ඇය දිහා බැලුවේ සමාව ඉල්ලන බැල්මකින්.ඒ අතරේ මුතූගේ අතේ තිබ්බ දුරකථනය නද දුන්නේ සාරංගගේ ඇමතුමකින්.මුතූ ඔහුගේ නම දැකලා බියෙන් සලිත වෙද්දී අහිංසා දුරකථනය අරගත්තා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now