සන්තානේ-දෙහදක් 2
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
💜️73 කොටස💜️
කාමරය තුළ වූයේ දැඩි නිහඬබවක්.කේශවගෙන් ඒ වදන් ඇසුණේ හීනෙන්දැයි සාරංගටත් අහිංසාටත් හිතුනා.ගිරිරාජ්ට නම් ඒ ගැන පුදුමයක් නොදැනුනත් චාන්යා උන්නේ නොසන්සුන්ව.ඇයත් මේ කාරණය ඔහුගෙන් සැඟවූවා නොවේද?ඊළඟ ඔහු උරණ වන්නේ තමා සමඟයි.
"මං මෝඩයෙක් කියලද දෙන්නම හිතන් උන්නේ??මේ මී හරකි මගෙන් ඒ දේ හැංඟුව එක ගැන මට කිසිම දුකක් නෑ.මට තරහා උඹ එක්ක සාරා..උඹ මොනාද හිතන් ඉන්නේ?නංගිගෙයි මුතූගෙයි කටහඬ මට වෙන් කරලා අඳුනගන්න බැරිව ඇති කියලද?"
සාරංග හිතෙන් හිනා උනේ තමාගේ මෝඩකම් වලට.එදින ඇල්ලෙ පිහිටි බංගලාවට ගිය දිනයේ අහිංසාගේ හඬ ඇසී කේශව ඇසූ ප්රශ්ණයට බොරුවක් කියා ඇමතුම විසන්ධි කළ අයුරු සාරංගට මැවිලා පෙනුනා.
"පළවෙනි සැකේ ආවේ එතනින්.අනික මේකි කහ කිරිල්ලි වගේ වෙනදට වඩා හැඩ වෙලා යද්දි මොකක් හරි විශේෂයක් තියෙනවා කියලා ඕන බූරුවෙක්ට තේරෙනවා..එදා චානුව ගෙදරින් දාලා සැලෝන් එකට එද්දිමයි තමුසෙලා දෙන්නා අලුත බැඳපු ජෝඩුව වගේ හිනා වෙවී සැලෝන් එකට ගිය හැටි මං දැක්කේ.දෙන්නාගෙ හොර අල්ලන්න මම සෑහෙන වෙලා එතන උන්නේ.ඒ වෙලාවේ තමා මට තේරුනේ අර උඹ ගියයි කිව්ව ගමන මුතූ එක්ක නෙමේ ගිහින් තියෙන්නේ මේකි එක්ක කියලා.."
ඉතින් සාරංගට තේරුනා තමා කොච්චරක් නම් අනුවණද කියලා.මේ ඉන්නේ කේශව.ගිරිරාජ් සූරියබණ්ඩාරගේ තියුණු දෙනෙත් එලෙසින්ම රැගෙන ආව කේශව සූරියබණ්ඩාර.ඔහුව අවතක්සේරු කෙරුව එක කොච්චර නම් මෝඩ වැඩක්ද?
"මගෙන් උඹ ඔය කාරණේ හංඟලා කරගත්තේ හොඳ දෙයක් නෙමේ සාරංග.හැමදාම බලන් උන්නා අද කියයි හෙට කියයි කියලා.උඹත් එක්ක උන්නු හැම වෙලාවකම හින්ට් එකකින් හරි ඒක ඇඟෙව්වා.ඒත් මගෙ ජීවිතේ මම වැඩියෙන්ම විශ්වාස කෙරුව මගෙ බෙස්ටා අන්තිමට වැදගත්ම කාරණේ මගෙන් හැංඟුවා..."
"කේශ්..."
"ඉඳපන්..මම කියලා ඉවර නෑ"
සාරංග නිහඬව උන්නේ ඔහුගේ විදිය දන්න නිසා.