32

1.2K 83 2
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️32 කොටස💜️

"අනේ සාරංග අයියේ..."

අහිංසාට ඇඬෙන්න වගේ.කේශව එහෙම ගැහුව හේතුවක් සාරංගටත් හිතාගන්න බෑ.කේශවගෙ පාරට සාරංගගේ ඇහැත් රිදෙන්න අරන්.

"මොකද යකෝ මට ගහන්නේ?"

සාරංග ඇහුවෙත් සද්දෙට.චාන්‍යා අල්ලන් උන්නේ කේශවගේ අතින්.යාලුවෝ දෙන්නා අතරේ ගැටලුවක් ඇති වෙයි කියලා චාන්‍යාට නිකමටවත් හිතුනේ නෑ.අහිංසාගෙ අතකට බර දීලා සාරංග නැඟිට්ටේ කේශවට රවාගෙනමයි.

"ගහන්නෙද??උඹ මේ වගේ එකෙක් කියලා නොහිතුව නිසා..යකෝ මේ ඉන්නෙත් උඹේ නංගි නේද?"

කේශව සද්දෙන් අහද්දි තප්පරේකට සාරංගගෙ හිතටම මොනාද උනා.ඒත් ඒ බවක් ඔහු පෙන්නන්න ගියේ නෑ.

"නංගි නිසා තමා බ$#$ලෝ මෙහෙම...."

"මෙහෙම කියන්නේ කොහොමද ආ??මේකිව උස්සන් රූම් ගාණේ යන එකද?"

කේශව නපුරු තාලෙට අහද්දි අහිංසාට තවත් කටවහන් ඉන්න බැරි උනා.

"පොඩි අයියේ..රූම් ගාණේ ආවා කියලා අපහාස කරන්න එපා..වැරදි ගමනකට ආවා නෙමේ මේ"

"උඹෙන් මම තාම හේතු ඇහුවෙ නෑනේ.පැත්තකට වෙයන්"

කේශව කිව්වෙ එක පාරයි.අහිංසා බිම බලාගත්තේ ඔහුගේ හැසිරීමෙන් ඇයට ගිරිරාජ්ව පෙනුනු නිසා.කේශව අඩියක් තියලා සාරංග ගාවට ළං උනේ සාරංගත් කේශවට රවලා බලද්දී.

"මේකි මෙතන සමයම් නටනකන් බලන් ඉන්නෙ නැතිව කනට දෙකක් දීලා එළවගන්න බැරි උනාද උඹට?"

කේශව ඇහුවේ සාරංග දිහාම බලාගෙන.ඒ වෙලාවේ සාරංගට මතක් උනේ අහිංසා කිව්ව දෙයක්.

"එහෙම කියන්න තිබ්බා උඹේ නංගි මාව පිට එකෙක්ගෙ ගාණට දාලා කතා නොකළා නම්"

ඒ අස්සෙන් සාරංග ඇනුම් පද කියද්දි අහිංසා මූණත් දෙක කරගෙන බිම බලාගෙනම උන්නා.ඒ වචන සාරංගගේ හිත මෙච්චර රිදවයි කියලා ඇය හිතුවේ නෑ.කේශවත් අහිංසා දිහාට බැල්මක් දැම්මේ අහිංසා මෙච්චර හිතුවක්කාර වෙච්ච හේතුව නොතේරෙද්දි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now