33

1.3K 79 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️33 කොටස💜️

අහිංසා උන්නේ බලා ගත්ත අත බලාගෙන.එදා ඒ සිද්දිය වෙලා තාම දවසක්වත් ගත වෙලා නෑ.කේශවත් බලන බලන හැම වෙලාවෙම කරන්නේ රවන එක.ඒ බැල්මෙ තියෙන්නේ තරවටුවක්.හැමදෙයක්ම ගිරිරාජ් එක්ක කියන්න කියන ඉඟියක්.ඒත් ඒ දේ කියන්න ඇගේ දිව නැමෙන්නේ නෑ.එදින බීමතින් සිදු වූ දේ මතකයට නොආවද කෙරුව ගොන් වැඩේ ගැන හිතන හැම මොහොතකම ඇයට දැනෙන්නේ ලැජ්ජාවක්.අවුල් වෙච්ච හිත සන්සුන් කරගන්න ඕන නිසාම අහිංසා මුතූටත් කියලා සතියක්ම සැලෝන් එක වහලා ගෙදර ඉන්න තීරණය කළා.ගොඩක්ම සාරංගට මුහුණ දෙන්න තිබ්බ ලැජ්ජාවත් ඒකට හේතු උනා.

ඇයට හැමවෙලාවෙම මැවිලා පේන්නේ සාරංගව සිපගත්ත විදිය.ඔහුගෙ පපුවෙ උණුසුම විඳගත්ත විදිය.පැහැදිලි මතකයක් නැතත් ඒ දේ සිද්ද උනා කියලමයි හිත කියන්නේ.ඒත් සාරංගගෙ මූණේ කිසිම වෙනසක් තිබ්බේ නෑ.ඔහු නිදාගෙන උන්නෙත් සෝෆා එකේ.ඇය පිස්සුවෙන් දැඟලුවත් සාරංග ඒ වගේ දේකට ඉඩ දෙන්න විදියක් නෑ කියලා අහිංසාගෙ හිත කිව්වත් හීනයක් වගේ මැවිලා පේන ඒ දේවල් ඇගේ හිතට ගෙනාවේ අපහසුවක්.අනික ඇගේම අයියා ඇයවයි සාරංගවයි එක කාමරයක දැක්ක වෙලාවේ ඒ මූණේ මැවුණු කේන්තිය අහිංසාගේ හිතට ගෙනාවේ බයක්.ඇය සාරංගට ආදරය කරනවා කියලා කේශව දැනගත්තොත් කේශව ඊටත් වඩා කේන්ති ගනීවි කියන බය ඇයට තදින්ම දැනුනා.ඒ මොන දේ අස්සෙන් උනත් ඇය උන්නේ තිහස් ගෙදර එනකන්.මේ කරදරේට ඇයව පැටලෙව්වේ ඔහු.ඒ වීඩියෝස් එව්වේ තිහස් කියලා කියන්න ඇය තාමත් දන්නෙ නෑ.ඒත් ඒ දේවල් සිද්ද උනේ තිහස්ගේ අනුදැනුම යටතේ වෙන්න ඕනෙ කියලා ඇයට හිතුනා.බොරු මිතුරුකමක් මවාගෙන ආවට තිහස් මේ ගත්තේ පළියක් කියලා ඇයට හිතුනේ ක්ශණිකව.

"මට රිටර්න් එක දෙන්න ගොඩක් දැඟලුවා නේද?මාත් ගොනා වගේ අහු උනා.හැබැයි තිහස්..ඔහේ ඉවරයි.කාගෙන් නැතත් තමුන් මෙදා පාර පොඩි අයියගෙන් මට්ටු වෙලා තමා නතර වෙන්නේ"

ඇය තමන්ටම මුමුණ ගත්තේ සාරංග ඒ වෙලාවේ උන්නු එකට දෙවියන්ට පිං දිදී.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now