සන්තානේ - දෙහදක් 2
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
💜️40 කොටස💜️
රෝහලෙන් මුතූව රැගෙන ගියේ ඇය නැවත යතා තත්ත්වයට පත් වෙලා උන්නු නිසා.ඒ වෙද්දිත් තිහස් ඇයව හම්බෙන්න ආවේ නෑ.ඒ ගැන සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මුතූට හිතා ගන්න බෑ.ඒත් යටි හිත තාමත් ඔහුව බලාපොරොත්තු වෙනවා නොවේද?රෝහල් භූමියෙන් ඉවතට යනවිටත් මුතූගේ දෑස් හෙව්වේම ඔහුව.ඒත් තිහස්ගේ සලකුණක්වත් පේන්න තිබ්බෙ නෑ.
"මං පුංචාට බොරුවක් කිව්වා...එයාලට එහෙම බොරු කරන්න මගෙ හිත දෙන්නෙත් නෑ..සී අයි ඩී එකෙන් වගේ ප්රශ්ණ කලේ..අහිංසාගේ ගෙදර ගිය ගමන්ම අම්මට කෝල් එකක් දෙන්න ඕන හොඳද?"
සාරංග පවසන හැම එකකටම හිස වැනූ මුතූ ආසනය මඳක් ඇල කර හාන්සි වී දෙනෙත් පියා ගත්තා.ඒ මොහොතේ ඇයට උවමනා උනේ බොරු නිදිමතක් මවලා පෙන්නලා හරි කල්පනා ලෝකෙක තනි වෙන්න.ඇහැරන් උන්නොත් සාරංග එක්ක කතා කරන්න වෙන එකත් ඇයට ඒ වෙලාවේ හිසරදයක් වගේ දැනුනේ තිහස්ගෙන් මුලු හිතම පිරිලා නිසා.වෙච්ච හැමදේම එකිනෙක මතක් කරන ගමන් මුතූ උන්නේ ආයාසයෙන් කඳුලු වාවගෙන.මුතූත් නොමැති නිසා අහිංසා වේලාසනම නිවසට ගිය බව ඇයම කෙටි පණිවිඩයකින් පවසා තිබුණු නිසා සාරංග කෙළින්ම ගියේ ඇගේ නිවසටයි.සාරංග කේශවගේ නිවසට යද්දී කේශව හා චාන්යා පැමිණ තිබුණේ ඊට පැය භාගයකට පමණ කළින්.සාරංගගේ පිටිපස්සෙන් මුතූ ඇවිදගෙන ආවේ බයෙන් බයෙන් වගේ.ඒ වගේ විශාල නිවසකට ඇය මේ ගියාමයි.අහිංසා පෝසත් කෙනෙක් කියලා දැනන් උන්නත් මෙච්චර පෝසත් ඇති කියලා ඇයට කවදාවත් හිතුනේ නෑ.අඩුම තරමේ අහිංසා ඒ බවක් වචනයකින්වත් අඟවලා නෑ.
"මෙතනින් වාඩි වෙලා ඉන්න..මං කේශවයට කතා කරලා එන්නම්"
සාරංගගේ අතක එල්ලිලා උන්නු මුතූව බලෙන්ම වාඩි කෙරෙවූ සාරංග ගේ තුළට වූයේ ඒ නිවසේ නිදහසේ ඇවිදින්න ඔහුට තහනමක් නැති නිසා.කේශවයි චාන්යායි දෙන්නම කාමරේ ඇති කියලා හිතුණු සාරංග කාමරේට අඩි දහයක් වගේ තියලා කල් ඇතිව කේශවට කතා කළා.
"කේශ්...උඹ ඇතුළෙද?
වෙනදා කඩාගෙන බිඳගෙන කාමරේට එන සාරංග දැන් ඒ පුරුද්ද අතැර ගත්තේ චානුත් ඉන්න නිසා.