49

1.2K 81 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️49 කොටස💜️

සියුම්ව දෙතොල් මතට දැනෙන උණුසුම් පහස අහිංසා වින්ඳේ දෙනෙත් පියාගෙනමයි.සාරංගගේ දෑත් වල ග්‍රහණය එන්න එන්න වැඩි වෙද්දී ඒ ලවන් පහසත් වැඩි උනේ ඔහුගේ හැඟීම් දෝරේ ගලන් යද්දි.කාගෙන්වත් බාධාවක් නොවිච්ච නිසංසල පරිසරය,ඒ සෞම්‍ය සීතල ඒ දෙහිත් වලට ආශීර්වාදයක්ම වෙද්දී අහිංසා සාරංගගේ කමිසය දැඩි කරලා අල්ලගත්තේ ඔහුව තම ගතටම ළං කරගෙන.ඒත් ඒ පහස ඇයව ගෙනිච්චේ කවද්දෝ මන්දා අතීතෙකට.මේ උණුසුම මීටත් කළින් වින්ඳා වැනි හැඟීමක් දැනෙද්දී ඇයට එක්වරම මතක් උනේ සාරංගව සිපගත්තා මෙන් වැනි දකින සිහිනය.ඒක තව දුරටත් බොඳ වූ මතකයක් නෙමේ නේද කියලා සිහිවෙද්දී අහිංසා සාරංගගෙන් මෑත් උනේ විදුලි වේගයෙන්.

"අ..යියේ.."

සිහින් හතියක් එක්ක සාරංගගේ පපුව මතට අත තබා මඳක් පසෙකට උනු අහිංසා දිහා සාරංග බැලුවේ ප්‍රශ්ණාර්ථයක් මුව රඳවගෙන.

"ඇයි...ඇයි මට හිතෙන්නේ අපි දෙන්නා..මේ..විදියට...මීට කළින්...මෙහෙම ඉඳලා තියෙනවා කියලා???"

අහිංසා අහද්දී සාරංගගේ මුවග මැවුනේ හරිම සෙල්ලක්කාර හිනාවක්.ඇය තාමත් නොදන්න එදා වෙච්ච ඇත්තම සිද්දිය ඔහුටත් මතක් උනේ එදින ඇගේ කෝළම් හැසිරීමත් මතක් වෙලා.නමුත් අහිංසාට සාරංගගේ ප්‍රතිචාරයට හැමදේම තේරුම් ගිහින් ඉවරයි.

"අහ්...ඒ කියන්නේ එදා...මං ඇත්තටම...ඔයාව...."

කියන වචනයක් ගාණේ පුදුමය විතරක් කැටි වෙලා තියෙද්දී සාරංග තවත් ඇයව පපුවට තුරුලු කරගත්තා.

"එදා තමා ඔයා මුලින්ම මට ආදරෙයි කිව්වේ.බේබද්දිට මතක නැතුව ඇති.මේ දුන්නේ ෆස්ට් කිස් එක කියලා හිතන් උන්නා නම් ඔය මෝඩ මොළ ගෙඩිය ඇතුළට දා ගන්නවා...අපි දෙන්නගේ ෆස්ට් කිස් එක මීටත් වඩා රොමෑන්ටික් විදියට එදා හොටෙල් රූම් එකේදි උනා කියලා..."

"අනේ..."

සාරංග ඒක කිව්ව තාලෙට දැනුනු ලැජ්ජාවටම අහිංසා ඔහුගේ ගෙලේ මුව සඟවාගද්දී සාරංග ඇගේ ගෙල මත තම කම්මුල පිරිමැද්දේ ඇය කිතියෙන් ඇකිලෙද්දි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now