සන්තානේ-දෙහදක් 2
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
💜️85 කොටස💜️
(අද කොටස සාරා 💜️ අහී වෙනුවෙන්...)
කේශවවයි මාධවවයි බදාගෙන අහිංසා කඳුලු සලන්නේ සහෝදරයන් දෙදෙනාත් සිය නැඟණියව වැලඳගෙන ඇයව සනසද්දි.
"අඬන්නේ මොකටද දැන්?ඌව ඕනා කිව්වේ තමුසෙනේ"
කේශව කියන්නේ තරමක් දරදඬු ස්වරූපෙන්.
"අනේ...අඬවන්න එපා.."
"ඉතින් ඇත්තනේ කිව්වේ..ඌව එපා නම් ඩිවෝස් වෙනවා.."
"අනේ ලොකු අයියේ...පොඩි අයියා එක්ක බෑ"
"මල්ලී..පාඩුවෙ ඉඳපන්කෝ"
අහිංසා ඔවුන්ගෙන් මිදී මාධවට ගතු කියද්දී කේශව කළේ සිය රතු වූ දෙනෙත් ඉක්මනට පිස දමපු එක.ඒත් අහිංසා ඒක දැක්කා.
"ඔයා බොරුවට මාව අවුස්සන්නේ.මං නැතිව පාලුයි නේද?"
අහිංසා ඇහුවත් කේශව කිසිවක් නොපවසා ඇගේ කම්මුලක් මතින් අතක් තිබ්බා.
"පොඩ්ඩක් දුකයි..ටොක්කක් අනින්නවත් කවුරුත් නෑ.ඒත්..ඊට වඩා සැනසීමයි.අයිම් ශුවර් සාරා තමුසෙව මලක් වගේ බලාගනීවි.."
කවදාවත් අහිංසාට සිය ආදරය නොපෙන් වූ කේශව කියද්දී අහිංසා ඔහුව වැළඳගත්තේ කඳුලු අලුත් වෙද්දී.මාධවටත් කේශවටත් පිළිවෙලින් දණ ගසා වැන්ඳ අහිංසාගේ සවනට මාධව ළං වුනේ රහසක් කියන්න වගේ.
"සාරංගයා මොනා හරි සද්දයක් දැම්මොත් බය නැතිව මට කියනවා..මම බලාගන්නම්"
අහිංසා පොඩි එකියෙක් වගේ හිස සැලුවේ කේශව සමඟ කතා කරන සාරංගට හොර හිනාවක් පෙන්නලා.ඉතින් විහිලුවෙන් උනත් ඔහු මේ පෙන්වන්නේ ඔහුගේ ආදරයයි.දෑත් පසුපසට බැඳ ඔවුන් දෙස බලා සිටින ගිරිරාජ් දෙසට ඇවිද ගිය අහිංසා ඔහුව වැළඳගත්තේ අපමණ සෙනෙහසක් හිතේ තියාගෙන.ඉතින් ඔහු තමා සිය නිහඬ ආරක්ශකයා.අහිංසාගේ එකම වීරයා.නිහඬව උන්නද ඔහු සිටින්නේ වේදනාවත් සැනසීමත් දරාගෙන බව අහිංසා දන්නවා.
"අප්පච්චී...මම හැමදාම එනවා අප්පච්චිව බලන්න.."
ගිරිරාජ් මඳ සිනහවක් පෑවේ එය කරන්න බැරි බව දන්න නිසා.ඒත් අඬගහන පරක්කුවට ඇයට එන්න බැරිකමක් නැති නිසා ගිරිරාජ්ට තියෙන එකම සැනසීම ඒක.