මෙතන ඉඳන් කතාව රසවිඳින්න ඔයාලට බාරයි 🥰
1 කොටස✍️
අඳුරු වලාපත් අතර පියාඹන්නට වුණු මම...
අකුණු කුණාටු වරුසා මැදින් ළහිරු එළියක් සොයා...
අනාතව අසරණව තනි වී වල්මත් ව..
උන්නු මට රැදෙන්නට හද ගැබක් දුන් ඔබට..
පුදන්නම් ආදරේ නාමයෙන් මේ තුටු පඬුර...❤
....................................................................................
අශ්වින්°
අවුරුදු 3කට පස්සෙ ඊයෙ හැන්දෑවේ මම අපේ පන්සලට ගොඩ වැදුනා.අලුතෙන් බිල්ඩින්ග්ස් හදලා තිබුනට,බෝ මලුවේ බෝපත් හෙලවෙන හන්දා,ඒවා අපට දෙන සිහිලස එදා වගේමයි.පිළිම වහන්සේත් පුදසුනේ තිබුන පරවෙලා ගිය මල් දිහා එදා වගෙව්ම හරිම උපේක්ශාවෙන් බලන් හිටියා.පරන මල් ඔක්කොම අයින් කරලා මම ගෙනාපු නෙළුම් මල් ටික ලස්සනට තියලා පහනුත් පත්තු කලා.සිය දහස් ගනනක් දුකට පත් මිනිස්සුන්ගෙ හිත් නිවන මේ බෝමළුවට මගේ හිතට සැනසුමක් දෙන්න තවත් බැරි වෙලා.ඉස්සර මේ බෝ මලුවේ ඇවිදපු හැටි,භාර උන හැටි,පහන් පත්තු කරන්න ගිහින් අත පුච්ච ගත්ත හැටි,කතා කරන ඒ ලස්සන ඇස් දෙක මගේ මූන දිහා බලන් ඉඳපු හැටි මතක් වෙනකොට,මගෙ හදවතේ ගැඹුරුම තැන පිහියක් පසාරු කරනවා වගේ දැනෙනවා.
අවුරුදු 3ක් තද කරන් හිටපු ඔක්කොම දුක් කන්දරාව බුදු හාමුදුරුවෝ ඉස්සරහ හිතේ හැටියට එලියට දාන්න මම උත්සාහ කලා.උගුර කටුවකින් හූරගෙන යන තරම් වේදනාවක් එක්ක ඇස් වලින් කඳුලු කැට කඩා හැලෙනවා මට දැනුන.පැයක් විතර බෝ මලුවේ ඉකි ගහගහ අඬපු මගේ දිහා ඒ වෙලාවේ බෝමලුවේ හිටපු කීප දෙනෙක් බලන් ඉන්නත් ඇති.
ඉරත් බැහැලා යන්න කිට්ටු වෙලා.ලස්සනම ලස්සන රන්වන් පාට හිරු රැස් බෝපත්වල වදිනව හරිම ලස්සනයි.බිමට පහත් වෙලා තිබුණු බෝපත් අතරින් රිංගපු රත්තරන් හිරු රැස් මගේ මූනේ තිබ්බ කඳුළු වේලලා දැම්මේ,දැන් ඇඬුවා ඇති කියන්න වගෙයි.ජීවිතේ පළවෙනි වතාවට මගේ හිතට කවදාවත් නොඳැනුනු තරම් ලොකු සහනයක්,නිවාඩුවක් දැනුනා.
පුදසුනේ තිබුනු මම පූජා කරපු නෙළුම් මල් දිහා බලාගෙන මම හිතට ලොකු ධෛර්යයක් ගත්ත.ඒ ධෛර්යය නිසා තමයි අද මම මේ කතාව ලියන්න පටන් ගත්තෙ.
මගේ කතාවට සමහරු කැමති වෙයි,සමහරු අකමැති වෙයි සමහරුන්ට Boring කියල හිතෙයි.ඒක ලෝක ස්වභාවය.ඒ උනත් මට ලියන්න තියෙන්නෙ මම ජීවිතේ අත්විඳපු දේ විතරයි.මේ කතාව ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පොඩි හරි උදවුවක් වෙනවනම් ඒක තමයි මගේ සතුට.පවන්ගෙත් සතුට.
YOU ARE READING
පුදසුන අභියස
Romance"පුදසුන අභියස ❤"මේක මම අවුරුදු ගානකට කලින් ඒ කියන්නෙ මම 11 වසරේ(2018) වගේ ඉද්දි කියවපු ලස්සන gay love story එකක් 😍අවුරුදු ගානක් ගිහිල්ලාත් තාමත් හදවතේ උඩින්ම රැදිච්ච කතාවක්...ඒක කියවල පිස්සු හැදිච්ච නැති ටික විතරයි 🥺❤ මේකෙ කතෲ කියන විදිහට මේ කතාව...