3 කොටස

519 61 9
                                    

3 කොටස ✍️

"මගේ රත්තරන් මම හැමදාමත් ඔයාව මේ විදිහටම ආදරෙන් බලා ගන්නව මගේ ඇස් දෙක වගේ...මගේ පණ තියෙනකන්...ඊට පස්සෙත් ඈතට වෙලා හරි ඉඳගෙන මේ විදිහටම ආදරෙන් ඔයාව බලාගන්නම්"

"අනේ ඇයි ඔයා මේ වෙලාවෙ ඔය වගේ මැරෙන කතාවල් කියන්නෙ..මම යනව යන්න........" පවන්ව තල්ලු කරල මම අනිත් පැත්ත හැරුණා...

"ආආව්ව්ව්ව්ව්ව්...."

පවන්ගෙ අතේ තුවාලෙ පෑරිලා මම තල්ලු කරපු එකෙන්. " අනේ පැටියෝ ඔයාට රිදුනද..ඉන්න මම තුවාලෙට පිඹින්නම්"

"අනේ එහෙමනම් පොඩ්ඩක් පිඹින්නකො හරිම දැවිල්ලයි"
මම 10 පාරක් විතර තුවාලෙට පිම්ඹා සොරි කිය කිය...
" හූඌඌහූඌඌ..." මෙන්න මේක හිනාවෙන්න ගත්ත.."හූ...හූ...රැවටිච්චා පොල්කිච්චා"

මට පුදුම තරහකුයි , ලැජ්ජාවකුයි ආව.. මම එයාගෙ අතේ මහපට ඇඟිල්ල හැපුවා....තදින්ම හපන්න ඕන උනත් කොහොමද එහෙම කරන්නෙ ටිකකට කලින් ආදරෙන් ඉඹපු අත්දෙක නේද කියල මතක් වෙනකොට....

"ඒයි හපන්නෙ නෑ.." කියල ඇදල ගත්ත ආයෙත් මාව.අත් දෙකෙන් මගේ කම්මුල් අල්ලගෙන මගෙ ඇස් දෙක දිහාම ආදරෙන් බලන් උන්න.ඒ ඇස්වල උතුරන්න ආදරේ දැක්කම මගේ ඇස්වලින් කඳුළු කැට පොකුරක් කම්මුල දිගේ බේරුනා. එක පාරම බේරුනු ඒ කඳුළු බිංදු වලට එයා එයාගෙ තොල් දෙක තිබ්බ. එහෙමම තියාගෙනම කිව්ව "අඬන්න එපා රත්තරන්...මට ඔයාට ආදරේ කරන්නෙ ඔයාව අඬවන්න නෙමෙයි."

එයාගෙ තොල් මගෙ නහය ගාවටම කිට්ටු උනා ටිකෙන් ටික.එයාගෙ හුස්ම රස්නෙට වදිනව මගේ නහයෙ.දැන් එයාගෙ තොල් මගේ තොල්වල ගෑවෙන තරමටම කිට්ටු වෙලා....
" අශ්... ඔයාට මම හුඟාක් ආදරෙයි රත්තරන..."කියල පවන් කියනකොටම මගෙ ඇස් දෙක ඉබේම පියවුනා...

එයාගෙ තොල් වල තිබුණු උණුහුමත්,ආදරණීය රසයත් මගේ තොල්වලට දැනෙන්නට පටන් ගත්ත...
පුදූම තරම් ආදරයක් මගේ පපුව පලාගෙන එළියට එන්න හදනව....... ඒ දෙතොල් මගේ තොල් මතින් එහා මෙහා දුවනකොට මට උදේ පිපුණු මලක තියෙන නැවුම් බව මිහිරියාව දැනුනා.....

ඒ විදිහට වැඩි වෙලාවක් ඉන්න උනේ නෑ මගේ තොල් දෙකත් නලියන්න පටන් ගත්ත.පවන්ටත් වඩා වේගයෙන් මගේ තොල් එයත් එක්ක තරඟ කලා..school uniform පිටින්ම අපි අපේ ලෝකෙ තනි වෙලා ඇඟවල් හුඟාක් රත් වෙලා දාඩියත් බේරෙනවා...

පුදසුන අභියසDonde viven las historias. Descúbrelo ahora