13 කොටස

196 37 6
                                    

13 කොටස✍️

Exams ඉවර වෙලා නිවාඩුව දුන්නත් වෙනද තරම් සංතෝසයක් මගේ හිතේ තිබුනෙ නෑ....නටාශව මතක් වෙන හැම මොහොතකම මට මම කොච්චර අසරණ ද  කියල හිතුනා...මගේ අසරණකම තිබුනෙ මගේ පිරිමිකමේ නේද කියල දැනෙනකොට මට මගේ ගැනම වෛරයක් ඇති උනා....
ඒ මොනදේ උනත්,මගේ ආදරේ නිසා පවන්ගෙ ජීවිතේට නරකක් වෙන්න දෙන්න මට පුලුවන්ද ?... එයාගෙ අම්මගෙ තාත්තගෙ...ඒ වගේම මගේ අම්මගෙ හිත්වල අපි ගැන තියෙන දහසක් හීන නිකන්ම වියැකිලා යන්න දෙන්න පුලුවන්ද??

ඒ දයාබර හිත්වල පූදින්න තියෙන අහිංසක පැතුම් මල් පොඩි කරල විනාස කරලා දන්න තරම් මගේ හිත කොහෙත්ම කුරිරු නෑ.
ආදරේ කරනකොට තමන්ගෙ සුවයට වඩා එයාගෙ සුවය ගැන ඔයාලත් හිතනවා,මමත් එහෙමයි.
තමන්ගෙ දියුණුවට වඩා එයාගෙ දියුණුව පතනවා....එහෙම නේද.කොහොමද දෙවියනේ මගේ රත්තරන් පවන්ට ආදරෙයි කියල එයාගෙ අනාගතයට අකුල් හෙලන්නේ....නටාශා එයාව කවදහරු ලබාගනීවි එදාට මම හුඟාක් අඩාවි ඒ උනත් මම එයා වෙනුවෙන් ඒ දුක දරන්න ලැහැස්තී...එයා සතුටින් හිටියොත් ඒ දුක මට සතුටක් වෙයි........
.................................................................................

මේක පවන්ගෙ diary එකෙන් ගත්ත කොටසක්

2002.04.07

අශ් හුඟාක් දුකෙන් ඉන්නෙ මේ දවස් වල.මට ඒක හොඳට තේරෙනවා.එයා මගෙන් ඒක හංඟන්න හැදුවත්.ඒකට හේතුවත් මම දන්නවා.ඒ තමයි නටාශා.නටාශට මගේ ජීවිතේ දෙන්න කිසිදෙයක් ඉතුරුවෙලා නෑ...ඒත් ඇයි අශ් ඔයා ඒක තේරුම් ගන්නෙ නැත්තේ..
..................................................................................

පවන් නිතරම මට කිවුවා නටාශා ගැන එයාගෙ හිතේ කිසිම කැමැත්තක් නෑ කියලා.එයා මටත් වඩා මගේ දුක ගැන වද උනා.
අපි හුඟාක් වෙලාවට films බලන්න ගියා...beach ගියා...පන්සල් ගියා...(අපි හුඟාක් ම ගියේ මේ කතාව පටන් ගන්නකොට මම කියපු පන්සලට තමයි)
පවන් හරිම කැමතී beach යන්න...අපි දෙන්න ඉර බහින දිහා බලාගෙන් ඉන්න හරිම ආසයි...මුහුද ඇතුලේ ඉර ගිලෙන හැටි හැටි බලන් ඉඳලා....ඊට පස්සෙ ඉරට වෙන්නෙ මොකද්ද කියල මෝඩ කතා කියව කියව හුඟක් හිනා වෙනව අපි ඒ දවස් වල.... පවන්ට තියන හැම රගර් මැච් එකක්ම බලන්න මම ගියේ ආසාවට නෙමෙයි,බයට..මම හුඟාක් බයේ හිටිය පවන්ට තුවාල වෙයි කියලා.හැමදාම වගේ එක්කෙනෙක්ට හරි injury 1ක් නම් වරදින් නෑ.....

පුදසුන අභියසWhere stories live. Discover now