2 කොටස ✍️
ටික දවසක් යනකොට මම වෙන තැනකින් ඉඳගන්න පුරුදු උනා.පවන් මගෙත් එක්ක කතා කරන එකත් හුඟක් අඩු වුනා.මම හිනා උනත් මිනිහ එච්චර මාව ගනන් ගන්නෙ නෑ.මට පුදුම දුකක් ආව කොහොමද මෙච්චර හොඳ යාලුවෝ වෙච්ච අපි දෙන්න මෙහෙම ඉන්නෙ කියල. මගේ අලුත් යාළුවා උනේ සුරේන්.ඌත් මගෙත් එක්ක හොඳට ෆිට් උනා.හැබැයි මිනිහගෙ හිත ඇතුලෙ මොකක්දෝ කපටිකමක් තියෙනව කියල මට ඕන තරම් හිතිල තියෙනව.ඌ කොච්චර ෆිට් උනත් මොකක් හරි උවමනාවකදී මගහරිනව.පවන් එහෙම නෑ.මගෙ මූන නොබැලුවත් මාව පන්තියේ දි අසනීප වෙලා වමනෙ ගිය වෙලාවෙදි ප්රථමාධාර යුනිට් එකට එක්කගෙන ගියෙත් පවන්.හැබැයි වැඩිය මුකුත් කතා කලේ නැහැ."මචං උඹ උදේට කාලාද" ඇහුව.හැබයි මිනිහ හොඳටම බය වෙලා කියල පෙනුන.
මට මේ සිද්ධියෙනුත් තේරුනා පවන් තවමත් හොඳ යාලුවෙක් හැටියට මගේ ළඟ ඉන්නව කියල.හැබැයි පොඩ්ඩක්වත් මිනිහ ඒ වගක් පෙන්නුවෙ නෑ.මගේ හිතේ පවන් ගැන තිබ්බ නුරුස්සන හැඟීම ටිකෙන් ටික අඩු උනා මේ සිද්ධිය නිසා.මම එයත් එක්ක කතා කළාට මිනිහ වචනෙන් දෙකෙන් කතාව අහවර කරනව.ඉතින් මට හිතුන මම මොකට මිනිහට වාතයක් වෙන්නෙ බලෙන් කතා කරල කියල.අපේ පන්තියේ හුඟක්ම වලි යන්නෙත් පවන් නිසයි.දවසක් සුරේන්ට ගහන්නත් ගියා පන්තිය අතුගාල නෑ කියල.අන්තිමට මම මැද්දට පැනල තමයි සුරේනයව බේරගත්තෙ.හැමෝම වගේ පවන්ට බයයි.ඇඟ නිසා.කොච්චර මදාවියා වගේ උනත් හිතින් පොඩි එකෙක් කියල මම ඔයාලට කලිනුත් කිව්වනෙ.
පවන් ගෙ ඒවගෙ වලි දාගන්නෙ නැත්තම් එයා අපේ පන්තියේ විතරක් නෙවේ ඉස්කෝලෙම හිටපු හොඳම ළමයා කියන්න උනත් පුළුවන්.ඕන කෙනෙක්ට ඉගෙන ගන්න උදවු කරන,තමන්ගෙ බත් පත උනත් වෙන කෙනෙකුට දෙන කෙනෙක් එයා.මට ඕන උනේ හැම වෙලාවෙම එයාට කියන්න තරහ ගන්න එක පාලනය කර ගන්න කියල.එයා කොහොමටවත් මට ඇහුම් කන් දුන්නෙත් නෑ. මාව ගනන් ගත්තෙත් නෑ.
ඔහොම කාලයක් ගෙවිලා ගියා.පවන් මාව ගනන් ගන්නෙම නැති ගානට ගිහින්.මේ වගේ හිතේ අමනාපයෙන් ඉන්න මට හරිම දුකයි.ඒක නිසා මම පොඩි දෙයක් කරල මිනිහට පෙන්නන්න ඔන උනා මම තවමත් උගෙ පරණ යාළුවාම බව.මාර්තු 28 තමයි පවන්ගෙ Birthday එක. මම මිනිහට දෙන්න කියල හිතාගෙන Birthday card එකක් හැදුව.චූටි බුදු පිළිමෙකුත් ගත්ත තෑගි දෙන්න.එදා මම ඉස්කෝලේ යනකොට කට්ටියම පෝළිම් හැදෙන්නෙ පටන් අරන්.මම ඉක්මනට පෝළිමට ආව.ඒ නිසා මට පවන්ට wish කරන්නවත් හම්බුනේ නෑ. උදේ රැස්වීම ඉවර වෙලා පන්තියට ගිය ගමන්ම මම පවන් ලඟට ගිහින් "Happy birthday මචං" කියල wish කරල present එකත් දුන්න.මිනිහ thanks කියල ගත්ත.ඒ උනාට මිනිහගෙ මූන ඊටපස්සෙ අප්සට් එකේ තිබුනෙ කියල මම දැක්ක.මම දුන්න present එකවත් ඇරල බැලුවෙ නෑ. මම හිතාගත්තා කමක් නෑ,මම උඹට වෙනස් කමක් කරන්නෙ නෑ සහෝදරයා කියල.මට ඉන්ටර්වල් එකත් උවර උනහම තමයි දැන ගන්න ලැබුනේ මිනිහ අපේ පන්තියේ හැමෝටම කේක් දීල.මට දුන්නෙ නෑ.මම එන්න පොඩ්ඩක් පරක්කු උන නිසා,ඔක්කොම ඉවර වෙලා.එයාට මන් වෙනුවෙන් එකම එක කේක් කෑල්ලක් තියාගන්න යුතුකමක් තිබුණ.ඒකත් කමක් නෑ.
أنت تقرأ
පුදසුන අභියස
عاطفية"පුදසුන අභියස ❤"මේක මම අවුරුදු ගානකට කලින් ඒ කියන්නෙ මම 11 වසරේ(2018) වගේ ඉද්දි කියවපු ලස්සන gay love story එකක් 😍අවුරුදු ගානක් ගිහිල්ලාත් තාමත් හදවතේ උඩින්ම රැදිච්ච කතාවක්...ඒක කියවල පිස්සු හැදිච්ච නැති ටික විතරයි 🥺❤ මේකෙ කතෲ කියන විදිහට මේ කතාව...