14 කොටස ✍️
විනාඩි 15කින් විතර විභාගෙ ඉවර උනා.පවනුයි තව කීපදෙනෙකුයි මගේ ලඟට ඇවිත් මොකද්ද අවුල කියල ඇහුවා..මම කිවුව ටිකක් ඔලුව රිදුන කියල මට ඇඟට ටිකක් අමාරුයි කියල තේරුනා...ඒත් මම පුටුවෙන් නැගිටලා හෝල් එකෙන් එලියට යන්න හැදුව විතරයි...මුලු ඇඟම පණ නැති වෙලා මාව වැටුනා...ඒත් පවන් මගේ ලඟ ඉඳලා එයා මට වැටෙන්න දීල නෑ...
මාව උස්සගෙන first aid unit එකට ගිහින්...එහෙදි මග ග්ලූකෝස් ටිකක් ක්න්න දුන්නා...මට ටිකක් විතර ගුණයක් දැනුනා..පවන් මාව වත්තං කරගෙන vehicle එක ලඟට එක්කගෙන ගියා...වැඩි දුරක් යන්න උනේ නෑ මට වමනෙ ගියා...පවන්ගෙ මුලු ඇඟ පුරාම .......වමනෙ යන අමාරුවට වඩා මට දුක හිතුනේ එයාගෙ ඇඳුම් දැක්කම...එයා මගේ පිට අතගගා...ඉඳල ටැප් එකකින් මගේ මුණ හෝදවලා...එයත් අත් හෝදගෙන,ඇඳුමුත් හෝදගෙන කාර් එකට ගියා...තෙත ඇදුම් පිටින් ඉන්න බැරි නිසා එයා ශර්ට් එක ගලවලා හිටියේ...
මාව එයාගෙ උරහිසට තුරුලු කරගෙන...
"අනේ සොරි පවන් ඔයාගෙ මුලු ඇඟේම වමනේ හැලුව නේද මම..." පවන් උත්තර දුන්නෙ නෑ ඒ වෙනුවට කලේ මාව තවත් තුරුලු කරගෙන මාව කිස් කරපු එක...
"Driver දකීවී" මම හොරෙන් කිවුවා.."නෑ බයවෙන්න එපා.."එයා මාව ගෙදර ගෙනිච්චෙ නෑ..එයාලගෙ family doctorගෙ ගෙදරට එක්කගෙන ගියේ...
"අන්කල් මේ ඉන්නෙ අශ්වින් එයාට exam එක අතරෙදි ලෙඩ උනා දැන් වමනෙත් ගියා...."
"මේ දරුව දුර්වල වෙලා නේ..." මට සේලයින් එකකුත් දුන්නා...ගෙදර ගිහින් ජීවනී දෙන්න කිවුවා...දියර ජාති බොන්න කිවුවා...බෙහෙත් වගයකුත් දුන්නා...ගෙදර යනකොට මට හොඳටම උණ....
අම්මා හොඳටම බය උනා මාව දැක්කම...එයා හුඟාක් දුක් උනා මට විභාගෙ හරියට ජරගන්න බැරිවෙයි කියලා...පවන්ගෙ ඇස්වල තිබිච්ච කඳුළු අම්ම මගේ ළඟ හිටපු නිසා ඇස්වල අගිස්සෙ නැවතිලා තිබුනා....
"පවන් දැන් ඔයා ගෙදර යන්න මම rest කරහම හරියයි..."
"නෑ මට යන්න බෑ...මම අද මෙහෙ නවතිනවා...නැත්තම් ඔයාව අරගෙන අපේ ගෙදර යනවා..."
"ඒක කරන්න බෑනෙ පවන්.."අම්මා පවන්ට කරුණු කාරණා තේරුම් කරල දුන්නට පස්සෙ එයා ගෙදර ගියා.. ඊට පස්සෙ සිය සැරයක්වත් call කරන්න ඇති මගේ ගැන අහලා..."පුතේ පවන් ඔයාගෙ පෙර ආත්මෙ සහෝදරයෙක් වෙන්න ඇති...පුදුම ආදරයක් නෙ මේ දරුවගෙ තියෙන්නේ...."
පවන් රෑ එයාගෙ අම්මත් තාත්තත් එක්ක මාව බලන්න ඇවිත්...මගේ ඇඳ ගාවට වෙලා හුඟාක් ඇඬුවලු පොඩි එකෙක් වගේ...මම කෙඳිරි ගගා නිදාගෙන ඉන්නවා දැකලා.එයාගෙ අම්මටත් ඇඬුනලු මාව දැකලා...පවන් හුඟාක් වෙලා මගේ ඔලුව අතගගා ඉඳල තියෙනවා...(මේව ම්ට අම්ම පස්සෙයි කිවුවේ...)
CZYTASZ
පුදසුන අභියස
Romans"පුදසුන අභියස ❤"මේක මම අවුරුදු ගානකට කලින් ඒ කියන්නෙ මම 11 වසරේ(2018) වගේ ඉද්දි කියවපු ලස්සන gay love story එකක් 😍අවුරුදු ගානක් ගිහිල්ලාත් තාමත් හදවතේ උඩින්ම රැදිච්ච කතාවක්...ඒක කියවල පිස්සු හැදිච්ච නැති ටික විතරයි 🥺❤ මේකෙ කතෲ කියන විදිහට මේ කතාව...