11 කොටස

219 33 9
                                    

11 කොටස ✍️

2001.04.12
උදේම අපි "ඇල්ල" බලන්න පිටත් උනා.අංජුයි රුමේෂුයි අශුයි මමයි.හරිම ලස්සන place එක.පොඩි දියඇල්ලක වතුර වලින්ම හැදුනු පුංචි පොකුණක්.අපි විතරයි ඒ වෙලාවෙ එතන හිටියේ.හරිම සීතලයි.අපි හුඟාක් විනෝදෙන් හිටිය එදා.අශ් ඔයාට මතක ඇති නේද?අපි දෙන්න එකතු කරා souvenirs...ලස්සන පුංචි ගල්..පොත් ඇතුලෙ දාල වේලන්න ගෙනාපු මල්..

අංජුයි රුමේෂුයි එයාලගෙ ලෝකයේ..අපි දෙන්න අපේ ලෝකයේ..අපි 4දෙනා හරිම පිස්සු foursome එකක් නේද කියල නිතර අංජු කියනව මතකද? ඒ යාලු ෆිට් එක සහෝදර බැම්ම නම් නියමයි.මම හුඟාක් ආදරෙයි ඒකට.

ඇල්ලෙන් නාලා ඉවර වෙලා මුලින් ගොඩට ආවෙ අපි දෙන්නා.ඔයා මගේ අතකින් අල්ලගෙන ඉස්සරහට ගියා.towels තිබුණ තැනට කකුල තියපු ගමන් ඔයාව ලිස්සුවා,අනේ දෙවියනේ ඔයා මගේ අතේ එල්ලීගෙනම ලිස්සල ගිහින් වැටුන හැටි මතක් වෙනකොට මගේ ඇඟ තවමත් හීතල වෙනවා..ඒ වතුර රැලි රතුපාට වෙලා...ඒ වෙලාවෙ ඔයගෙ කටහඬ කෙඳිරියක් උනා... "පවන්...පවන්..."කියල අමාරුවෙන් කෙඳිරි ගෑවා..."රත්තරන් මම ඔයා ළඟ " කියල කිවුවට ඔයාට ඒක තේරුනේ නෑ...

ඒත් මගේ කෑගැහිල්ල මුලු ගමටම උනත් ඇහෙන්න ඇති...ඔයාව උස්සල ගත්ත මට මතකයි...ඊට පස්සෙ hospital එකට ඔයාව ගෙනිච්ච මතකයි...ඔයා hospital එකට ගියත් මගේ අත අතෑරියේ නෑ.

"ඩොක්ටර්,අශ්වින් ට මොකද?"
"අයියෝ මල්ලි ඔයා බයවෙලා හොඳටම...ඒ ළමයවත් එච්චර බයවෙලා නෑ..එයාට කිසි ප්‍රෂ්නයක් නෑ..පොඩ්ඩක් ඔලුව පැලිල විතරයි.." මේ වචන ටික ඇහෙනකොට මැරිල හිටපු මට ආයෙත් පණ ආවා. ඇත්තටම එහෙම දේකට මුහුණ දෙන් නැතුව කියන්න බෑ ඒ වෙලාවට දැනෙන හැඟීම්.ඒව මහ පුදුමාකාරයි.පසුතැවීම,බය,දුක,ආත්මාර්ථය කියන හැම දෙයක්ම තියෙනවා.මම ආත්මාර්ථකාමී ඔයා වෙනුවෙන්.ඔයා මගෙයි.මගේ විතරමයි.

ඔලුවට මැහුම් 5 දානකොට ඔයාගෙ මූන දිහා බලන් ඉන්න බැරි තරම් දුකයි මට.එදා රෑ ඔයා නින්දෙන් මගේ නම කියල කතාකලා හුඟාක් සැරයක්..මම බය වෙලා ඩොක්ටර් ටත් කිවුවා.එයා කිවුවා තුවාලෙ රිදෙන නිසා කියල.ඒ ඩොක්ටර් මට පෙනුනෙ දෙවියෙක් වගේ. "මල්ලි බයවෙන්න එපා.යාලුවාගෙ මොළේට මොකුත් damages නැහැ.එයා හොඳින් ඉන්නවා.හෙට ටිකට් කපනවා.තාම පොඩි ළමයෙක් නිසයි ward එකේ දවසක් තියාගන්න හිතුවේ.කොයි එකටත් කියලා..." ඒ මනුස්සයා දෙවිකෙනෙක් වගේ මගේ හිත හැදුවා.අදටත් ඒ ඩොක්ටර් ට මම පිං දෙනවා.ඒ කරපු උදව්වට..

පුදසුන අභියසKde žijí příběhy. Začni objevovat