19 කොටස

257 36 8
                                    

19 කොටස✍️

පවන්ව recover උනා ඉක්මනටම.අපේ අම්මා හැමදාම බෝධිපූජා තියෙනවා ලංකාවෙ ඉඳලා.ඇත්තටම ඒ දේවල් වල ලොකු ශක්තියක් තියෙනවා කියල මම හිතනවා.කොහොම උනත් යාලුවනේ මගේ පවන්ට සෑහෙන්න දුරට සනීප උනා.එයාගෙ මතකය පෙර තත්වෙටම ආවා.ලියන්න පුලුවන් උනා Engilsh,සිංහල වලින්.එයාට speech therapy දෙනව දැකල මටත් speech therapy පුලුවන් උනා.මම තමයි සිංහල වචන උච්ඡාරණය එයාට පුරුදු කලේ.

"Ashwin you have magic in your hand...."පවන්ගෙ ඩොක්ටර් මට එහෙම නිතරම කිවුවා....මගේ අත්වල මැජික් එකක් නෑ.හිතේ පිරිල තිබුනු ආදරේ උතුරලා හිහින් පවන්ට ආශිර්වාද කරන්න ඇති හැම වෙලාවෙම......

"Ashwin you are a great healer, it is your love and care that healed him this fast, not our medicine....."
මට ඇත්තටම පුදුම හිතුන එහේ ඉන්න ඩොක්ටර්ස්ල ගැන.එයාල හැම වෙලාවෙම මනුස්ස බැඳීම් වලට ලොකු තැනක් දෙනවා.ආදරය,කරුණාව වගේ දේවල් හුඟාක් අගය කරනවා.

මගේ පවන්ව සනීප කරලා දුන්න ඒ රත්තරන් ඩොක්ටර්ස්ලට මම හැමදාම ණයගැතියි.

අපි හොස්පිටල් එකෙන් discharge වෙන දවසෙ ඩොක්ටර් ඇවිත් අපි දෙන්නට සුබ පැතුවා,හුඟාක් උණුසුම් විදිහට.
"Ashwin if you like to study medicine do it, you can go beyond us, i see a healer in you."
පවන්ට පුදුම සතුටුයි...එයා හරිම ආසයි මම ඩොක්ටර් කෙනෙක් වෙනවට.

අපි එහෙ සති 2ක් විතර හිටියා.හුඟාක් places වල ගියා.හුඟාක් එකට හිටියා.මොහොතක්වත් පවන්ගෙන් ඈත් උනේ නෑ.අපි ලංකාවට ඇවිත් ටික කාලෙකින්ම මම ඉස්කෝලේ යන්න පටන් ගත්තා.හුඟක් දේවල් අතපසු වෙලා නම් ඉවරයි.
පවනුත් මමත් දෙන්නම බයෝ කලේ Al වලට.ඉස්කෝලෙන් හැම විස්තරයක් ම දැනගෙන හිටපු නිසාත්,අපි දෙන්න හොඳින් වැඩ කරන අය නිසාත්,අතරමගින් උනත් පන්තිවලට යන්න අපිට ඉඩ දුන්නා.

පවන්ට එක පාරටම හුඟාක් මහන්සි වෙන්න හොද නෑ කියල ඩොක්ටර්ස්ල අපිට උපදෙස් දුන්නා.පාඩම් වැඩ උනත් හුඟාක් කරන්න එපා කියලයි උපදෙස් දුන්නේ.
අපි දෙන්නට private tution ගන්න teachers ල 3දෙනෙක් පවන්ගෙ ගෙදරට ආවා.විශයන් 3ටම tution ගත්තා.අපි දෙන්නට හුඟාක් වැඩ අතපසු වෙලා තිබුනා.12 වසරෙ මුල්ම exam එකට අපිට ඉන්න බැරි උනා.අපි දෙන්නම ලංකාවෙ හිටියෙ නෑනෙ ඒ දවස් වල.දෙවෙනි exam එකට නම් අපි හිටියා.

පුදසුන අභියසDonde viven las historias. Descúbrelo ahora