10 කොටස

241 34 5
                                    

10 කොටස✍️

අපි දෙන්නගේ ජීවිතේට හුඟාක් ආදරණීය මතකයන් එකතු උන ලස්සනම ලස්සන නිවාඩු කාලයක ආරම්භය සටහන් උනේ ඔන්න ඔය විදිහට....

නිවාඩු කාලෙදි මම හුඟාක් මහන්සි උනේ අම්මට උදව් වෙන්න.එයා තනියම වැඩ කරල අපේ ව්‍යාපාරය හුඟාක් දියුනු කරගෙන දැනටමත්.ඒත් මම කරන paterns වලටත් හුඟාක් ඉල්ලුම තිබුණු නිසා,අම්මට මගේ නිර්මාණත් ලොකු හයියක් උනා.ඒත් හැම මොහොතකම මතක් කරන්න ඕන දෙයක් තියෙනව ඒ තමයි,පවන්ගෙත් එයාගෙ දෙමව්පියන්ගෙත් උදව් නොතිබෙන්න අපිට කවදාවත් මේ වගේ දියුණු වෙන එකනම් හීනයක්ම  විතරයි....

මගේ මතකෙ හැටියට නම් මේ කියන සිද්ධිය උන දවසෙ මම ඇන්දෙ නව නිර්මාණ චිත්‍රයක් නෙමෙයි.ඒක traditional 1ක්.බිම එලාගත්තු පැදුරෙ ඉඳගෙන චිත්‍රෙ පාට කර කර ඉන්නකොට,ගෙදර බෙල් එක වැදුනා...

"ආහ් පුතානේ..."
"ආහ්...පවන්...අංජු අයියා...මොකද මේ එක පාරට අංජු අයියට අපිව මතක් උනේ?"
"අහ් උඹ හිතුවද මට උඹව අමතක වෙන්න මම මැරිල ඉපදිලා කියලා??"

"අම්මේ මේ ඉන්නේ අංජු අයියා.පවන්ලගෙ රගර් කැප්‍ටන්..."
"ආහ් එහෙමද පුතේ.එහෙනම් පුතාලා වාඩිවෙලා ඉන්නකෝ.මම බොන්න මොනවහරි හදාගෙන එන්නම්" කියල පවන්ගෙ ඔලුවත් අතගාගෙනම ගියා...
"අම්මෝ....කොල්ලට  නැන්දම්මගෙන් තියෙන සැලකිළි.." කියල අංජු අයිය හිනා උනා අම්මා එතනින් ගිය ගමන්ම...අපෝ මටත් හරි ලැජ්ජයි ඒ කතාවට නම්...පවනුත් හොඳටම ඇඹරෙනවා...

"මල්ලි අපි යනව අපේ ගෙදර.නුවරඑළියේ.දවස් 3ක් ඉන්නයි හිතන් ඉන්නේ.මොකද මට එන්න වෙනව matches වලට.ඔයාටත් පුලුවන්ද අපිත් එක්ක යන්න එන්න..?
මමයි,රුමේෂුයි (රුමේෂ් අයියා තමයි අංජු අයියට කලින් කැප්ටන්...එයා අංජු අයියගෙ cousin brother කෙනෙක්.),පවනුයි,ඔයයි තමා යන සෙට් එක ...

"අනේ අයියේ ...අම්මා කැමති වෙයිද දන් නෑ මාව එවන්න...මම නොගියට කමක් නෑ අයියේ.."
"ඔයා නොයන එක කමක් නැත්තෙ කොහොමද???ඔයා නොගියොත් මූ එන්නෙත් නෑ කීයටවත්..."

"ම්ම්ම්ම්...අනේ මන්දා අයියේ...."

"පුතේ මේක බීලා ඉන්නකෝ..."අම්ම බීම අරගෙන ආවා....

පුදසුන අභියසDonde viven las historias. Descúbrelo ahora