20 කොටස(අවසානය)✍️
කතාව මේ විදිහට නැවැත්තුවත්,මගේ යාලුවෝ හැමෝගෙම ඉල්ලීම උනේ අවසානය මොනවගේ උනත් මුලු කතාවම ලියන්න කියන එකයි.
යාලුවනේ,උඹල කිවුව දේවල් හරියටන හරි.ජීවිතේ කියන්නෙ කියන්නෙ දුක සැප හැම දෙයක්ම පිරුණු දෙයක්.
හැම දෙයක්ම සැහැල්ලුවෙන් බාරගන්න පුලුවන් නම්,ඒ කෙනා තමයි දිනුම්.ඒ අතින් බලනකොට මම නම් අන්ත පරාජිතයෙක්............මේ ලියවෙන්නේ, පුදසුන අභියසේ අවසන් පරිච්ඡේදයයී.......................🥀
2005 අවුරුද්ද.....
ඒ කියන්නෙ අපි A/l කරන අවුරුද්ද ලබනවත් එක්කම හැමෝගෙම බලාපොරොත්තු එන්න එන්නම වැඩි උනා.අපි දෙන්නම විභාගෙට හොදින් ලැහැස්තිවෙලා මුහුණ දෙයි කියන විශ්වාසය ගුරුවරුන්ගෙ හිත්වලත් තිබුනා,අපේ අම්මලා තාත්තලාගෙ හිත්වල තිබුනු තරමටම.එදා ජනවාරි 9 ඉරිදා දවසක්,පවන් හිටියෙ හරිම සතුටින්.....
එදා අපි beach යන්න plan කරලයි තිබුනෙ.අපි කිවුවෙ අපේ අම්මයි,පවන්ගෙ අම්මයි තාත්තයි,මමයි,පවනුයි.
සතියක් විතර තිස්සෙ organize කරගත්ත trip එකක් මේක.මොකද හැමදාම වගේ පවන්ගෙ අම්මලා ගෙදර එනකොට රෑ වෙන නිසා.අපේ අම්මයි මමයි පවනුයි නිතරම බෝධිපූජා ත් තියන්න යනවනේ.ඒ නිසා වෙලාවක් තිබුනෙ හරිම අඩුවෙන් අපි හැමෝටම එකට trip එකක් යන්න.හවස 5ට විතර beach එකට ගිහින් අඹ අච්චාරු ටිකක් කකා අපි දෙන්නා හෙවනක ඉඳගෙන කතා කරකර හිටියා.අම්මලා ඇවිද ඇවිද හිටිය අපිට ඉස්සරහින්.පවන්ගෙ කැමරා එකෙන් අපි එයාලගෙ පිංතූර ගත්තා.අපි හැමෝම එකට ඉඳල පිංතූර ගත්තා.අපි දෙන්න විතරක් ඉන්න පිංතූර ගත්තා.මාව වඩාගෙන,අපි දෙන්න බදාගෙන පිංතූර හුඟාක් ගත්තා.
ඉර බැහැල ගියහම අඳුර වැටෙනවා,ඒ උනත් ඉර මුලු අහසම ලස්සන කරනවා බැහැල යන්න කලින්.අඟලින් අඟල ක්ෂිතිජය සිපගන්න ඉර ලංවෙලා අහස් තලයම රත්තරන් පාටින් ලස්සන කරලා.අපි දෙන්න ඒ ලස්සන අහස දිහා බලාගෙන අපේ අතීතය ගැන හුඟක් කතාකලා.අපි අනාගතේ ඉන්නෙ කොහොමද,විභාගෙ හොඳට පාස් වෙලා මොනවද කරන්නේ.....ඒ වගේ හුඟාක් දේවල්.
අඳුර වැටෙනකංම අපි beach එකේ හිටියා.අඳුරෙදි කාටත් රහසින් පවන් මට ආදරෙන් පිරුණු උම්මා එකක් දෙන්න අමතක කලේ නම් නැහැ.ඈත මුහුදේ ලයිට් දාගෙන යන නැව් හරියට පාවෙන පාරාදීස වගේ ලස්සනයි...ඒ සුන්දරත්වයත් විඳ විඳ අපි mount hotel එකෙන් එදා dinner එක ගත්තා.
ŞİMDİ OKUDUĞUN
පුදසුන අභියස
Romantizm"පුදසුන අභියස ❤"මේක මම අවුරුදු ගානකට කලින් ඒ කියන්නෙ මම 11 වසරේ(2018) වගේ ඉද්දි කියවපු ලස්සන gay love story එකක් 😍අවුරුදු ගානක් ගිහිල්ලාත් තාමත් හදවතේ උඩින්ම රැදිච්ච කතාවක්...ඒක කියවල පිස්සු හැදිච්ච නැති ටික විතරයි 🥺❤ මේකෙ කතෲ කියන විදිහට මේ කතාව...