15 කොටස

202 30 1
                                    

15 කොටස ✍️

යාලුවනේ ඊට පස්සෙ ඉතින් මගේ ජීවිතේ මේ වගේ හිස්තැනක්ම පමණක් උනා...ගෙදරට එන්නත් කලින්ම ඉඳල අම්මට මගේ වෙනස තේරිලා...පවනුත් හිටියෙ හරිම දුකෙන් කියල හැමෝටම පෙනුනා...

අංජුයි රුමේෂුයි එහෙ නතර උනා...අංජුලාගෙ ගෙදර යන්න....

Parents ලව ගෙදර දාලා පවන් අපේ ගෙදර ආවා..මාවයි අම්මවයි ඇරලවන්න....

"බුදු සරණයි අශ්...ඔයා සතුටින් ඉන්න හැමදාම...."(එයා මට දුක් කන්දක් දීලා දැන් සතුටෙන් ඉන්නලු...)
"ඇයි පවන් පේන්නෙ නැද්ද මම කොච්චර සතුටින්ද කියලා..."මම හිනාවෙවී කිවුවා...ඇත්තටම ට්‍රිප් එකට නම් මම කැමතී...හුඟක් දවසකින් නෙ දුර ගමනක් ගියේ....

මොනව උනත් මම දන්නවා පවන් හිතෙන් හුඟාක් දුර්වලයි...එයාටත් මේ වෙච්ච දේවල් ශොක් එකක් වගේ ඇති...කෙල්ලෙක්ගෙන් ලබන ආදරේ මගෙන් ලබන ආදරේට වඩා වෙනස් ඇතී...සමහරවිට එයා ඒකට හුඟාක් කැමතිත් ඇති...එයාගෙ සතුට වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න හිතාගෙන හිටපු මට,එයා වෙනුවෙන් මේ දේවල් ඉවසන්න පුලුවන්...
ඒක නිසාම මම එයාගෙ හිත හදන්න හුඟාක් උතාසහ කලා...සමහරවිට මගේ උත්සහය සාර්ථක වෙන්න ඇති....

"පවන් ඔයාට මතකද මම එදා කිවුව දේවල්...මම දැනගෙන හිටියා අපේ මේ දේවල් වලට කවදාහරි නැවතීමේ තිත තියන්න වෙනව කියලා...සිද්ධ උනේ කවදමහරි වෙන්න තිබුනු දෙයක්...ඔයා ඒ ගැන දුක් වෙන්න එපා...මම එදා ඔයාගෙ පන්තියේ එහාපැත්තෙ ඉඳගෙන හිටපු අශ්වින්ද මයි...පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ....
ඉස්සර වගේම ඔයා මගේ හොඳම යාලුවා....ඊටත් වඩා ඔයා මට සහෝදරයෙක්ටත් වඩා කිට්ටුයි...ඊටත් වඩා මම ආදරෙයි...
මේ වෙච්ච දේවල් නිසා මට ඒ යාලුකමේ සහෝදරකමේ ආදරේ වටිනාකම ඇතිකරගන්න බෑ....ඔයාට තේරුනා නේද...."

"මට සමාවෙන්න අශ්වින්......"කියල පවන් මාව බදාගෙන අඬන්න පටන් ගත්තා.....

"පුතේ මොකද මේ..."ගමන් මහන්සිය නිසා නිදාගෙන හිටපු අපේ අම්මත් සද්දෙ ඇහිල ඇහැරිලා...හොඳ වෙලාවට එයා ඉස්තෝප්පුවට ආවෙ නෑ....
"නෑ අම්මෙ මොකුත් නෑ..." මම පවන්ව අරගෙන වත්තට ගියා...සුපුරුදු විදිහට අපි කතා කලා,හිනා උනා...දුක් ගොන්නක් දෝත දරාගෙන උනත් මට ඕන උනේ එයාට සතුටක් දෙන්න නිසා එක කඳුළු කැටයක්වත් එයා ඉදිරියේ නොහෙලන්න මම වගබලාගත්තා...නිතරම හිනාවෙලා සතුටෙන් ඉන්නබව පෙන්නපු නිසා එයාගෙ හිතත් හුඟක් ඉක්මනට සුවපත් උනා මම හිතන්නේ....

පුදසුන අභියසWhere stories live. Discover now