17 කොටස

204 31 4
                                    

17 කොටස ✍️

"පුතේ පවන්ට ඕනලු කතා කරන්න ඔයාට...."

"අශ්..."
"පවන්...කොහොමද ඔයාට..."
"මම හොඳින් ඉන්නවා,මට ලෙඩකට තියෙන්නෙ කෙනෙක්ව නොදැක ඉන්න බැරි එක විතරයි..."
"හැමදාම බල බල ඉන්න පුලුවන් නේ,ඉක්මනට සනීපවෙලා එන්නකෝ..."
"හෙට මගේ ඔපරේෂන් එක...ඔයත් ලඟ හිටියනම් මට මැරෙන්න උනත් බය නෑ..."
.....
.........
..............
..................
.......................
මාව මරණය කියන වචනය ඉස්සරහ අසරණ වෙන තරමක්...

"Plz පවන් ඒ වගේ දේවල් කියන්න එපා..."
"හරි හරි සොරි අශ්....ඔයා පරිස්සමින් ඉන්න...අම්මවත් හොඳින් බලාගන්න...."
"ඔයා ඒ ගැන කරදර වෙන්න එපා..අපි හොඳින් අම්මව බලාගන්නම්...."
"බුදුසර්ණයි අශ්....!"
"බුදුසරණයි පවන්................ඉක්මනට හොඳ වෙලා එන්න(මගේ ලඟට)"

උදේ පාන්දරම අපි කැළණිය පන්සලේ බෝධි පූජාවක් තියල සෙත් කවි කියවලා පවන්ට ආශිර්වාද කලා....අංජුයි රුමේෂුයි ත් අපි එක්ක පන්සල් ආවා...අපේ පන්තියේ යාලුවොත් පවන් වෙනුවෙන් බෝධිපූජා කරනවා.
වතුර කළේ අරගෙන යනකොට ඒක ඇතුලට මට නොදැනීම කඳුලු කැට කඩාහැලුනා....
අනේ දෙවියනේ දැන් මේ වතුරෙන් බෝධිපූජා තියන්නෙ කොහොමද.
නෑ මගේ එක කඳුලක් හරි හැලුනනම් ඒ හැම කඳුලක්ම පවන් වෙනුවෙන් හැලුනු කඳුලක්...සමාජය ඉදිරියේ අපේ ආදරේ විහිලුවක් උනත්,දෙවියන් බුදුන් ඉදිරියේ අපේ ආදරෙත් අනිත් අයගෙ ආදරේ වගේමයි,අපි කාවවත් රවට්ටලා නෑ,කරන ආදරේ මුලු හදවතින්ම කරනවා....
අනේ බුදුහාමුදුරුවනේ මට සමාවෙන්න......
..................................................................................

පන්සලේ ඉන්න අතරතුරේදි කෝල් එකක් ආවා
"ආහ්...එහෙමද....."පවන්ගෙ අම්මගෙ ඇස්වලින් කඳුලු බේරෙනවා...
(ඒ මොනව උනත් මගේ හිත ඇතුලෙ ලොකු විශ්වාසයක් තියෙනවා ඔපරේෂන් එක සාර්ථක වෙනව කියලා....)

"මගේ දරුවව දෙවියො බේරලා......."පවන්ගෙ අම්මා ෆෝන් එක කට් කරපු ගමන් කෑගහල කිවුව අපෙ අම්මව බදාගෙන...
"පුතාගෙ ඔපරේෂන් එක සාර්ථකයිලු දැන් එයාව ICU එකට දාලලු...ඉක්මනට සිහිය එයි කියල ඩොක්ටර්ස්ල කියනවලූ......."
පන්සලද කියල බැලුවෙ නෑ මම අංජුවයි රුමේෂ් අයියවයි බාදාගත්තා........
කොටින්ම පන්සලේ හාමුදුරුනමක් දැකල ඇයි මහත්තයෝ කියල ඇහුවා...අපෙන් විස්තරේ අහල උන්වහන්සේටත් හුඟක් සතුටුයි...
අපි හැමෝටම සෙත් කරල පිරිත් ටිකක් කියල පිරිත් පැන් වගයකුයි පිරිත් නූල් වගයකුයි දුන්නා(එදයින් පස්සෙ අපි කැළණි ගිය හැමදවසකම ඒ හාමුදුරුවන්ව මුනගැහිල කතාකරල ආවා.උන්වහන්සේ ඒ හ්ම දවසකම අපිට පිරිත් ටිකක් කියල සෙත් පතනවා...)

පුදසුන අභියසWhere stories live. Discover now