6 කොටස

291 60 8
                                    

6 කොටස✍️

"හානේ.....අපෙ අම්මලා මොකෝ මෙහෙ"

"ඒක නේන්නම් පුතේ නිකමටවත් දැන්නුවෙ නෑනෙ එන බවක්."අපේ අම්ම එහෙම කියාගෙන ගේ ඇතුලට ගියා මටත් ඇතුලට එන්න කියල ඉඟි කරලා....

"මේ මිනිස්සුන්ට මොනවද අපෙ දෙන්නෙ?තේ ටිකක් නම් දෙන්න පුලුවන්..මගේ පුතා දුවල ගිහින් කෙහෙල් ඇවරියකුයි,බිස්කට් ටිකකුයි අරන් එන්න...

"මොකුත් හදන්න එපා...."පවන් ගේ ඇතුලට ආවා බ්‍රේක් නැති අස්සයා වගේ...
"අම්මේ..අද අපි ඔයාලත් එක්ක පොඩි ගමනක් යන්න හිතාගෙන ආවේ..."
"අපි අද කැළණි පන්සල් යමූ...රෑට ඒ පැත්තෙ හොඳ කඩේකින් කාලාම එන්න බැරිය..."පවන්ගෙ අම්ම කිවුවා..

"හරී ආසාවෙන් මම හිටියෙ කැළණි යන්න.කොහෙද ඉතින් වෙලාවක් නෑනෙ.මේ වැඩත් එක්ක.උදේ ඉඳන් රෑ වෙනකන් කළත් ඉවරයක් නෑ...."

"මම පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම්. දැන් කෝල් 1ක් ආව එන්න කියල.පැයෙන් එනව ලෑස්ති වෙලා ඉන්න..."පවන්ගෙ තාත්තා driver එක්ක පිටත් උනා...

පවන්ගෙ තාත්තාට තිබුනා ඇඳුම් කඩයක්...එයාලට buisness කීපයක්ම තිබුණා.1ක් තමයි ඇඳුම්,ඒ වගේම වාහන buisness 1කුත් තිබුණා.ඒ මොනවා උනත් ඒ මිනිස්සු පොහොසත් උනේ මිල මුදලින් විතරක් නෙවෙයි,පොළොවේ පය ගහලා,ඕන කෙනෙක් එක්ක හිනාවෙලා ජීවත් වෙන්න පුලුවන් පෞරුෂයක් පවන්ගෙ අම්මටත් තාත්තටත් තිබුණා.පවන් දඟකාර උනත් එයත් එහෙමමයි.....

අපේ අම්මයි පවන්ගෙ අම්මයි කුස්සියේ බර කතාවකට වැටිලා...ඔය අතරෙදිම දෙහි වගයක් හදල අපිටත් දුන්නා බොන්න....

පවන් දෙහි එකත් අරගෙන මගේ කාමරේට ගියා...

"මේගොල්ලෝ මොනවා කියවනවද මන්දා...අපේ card කුඩු කරනවද දන්නෙ නෑ..."
"අපි මොනවද card කුඩු වෙන දේවල් කරේ...?"
"මොනවද නොකලේ?අහු උනා නම් ඉතින් දෙන්නවම හඳට යවලා..."

"අශ්...මේ කාමරේ ඉන්නේ කවුද?"
"ම්ම්ම්...මමයි අම්මයි.."
"ඔයාලා දෙන්නම ඉන්නෙ මේකෙද?"
"ඔව් අපේ ගෙදර ඉතින් එක කාමරයයි නෙ තියෙන්නෙ..."

"ඔයාගෙ ඇස් අම්මගෙ වගෙයි හැබැයි හිනාව තාත්තගෙ වගේමයි.." මේසෙ උඩ තියල තිබුණු අම්මගෙයි තාත්තගෙයි මගුල් ෆොටෝ එක අතට අරගෙන පවන් කිවුවා..

පුදසුන අභියසWhere stories live. Discover now