9 කොටස

215 40 5
                                    

9 කොටස✍️

Last term එක නිසා අපිට නිවාඩුවට ඉස්සෙල්ලා reports බෙදල දුන්නා..හැමෝටම වඩා මගේ ලකුණු ගැන ආඩම්බරයෙන් හිටියෙ පවන්.මට මගේ ලකුණු වලට වඩා එයාගෙ ලකුණු ගැන සතුටුයි...අපේ class teacherත් හරිම සතුටෙන් කතා කලේ මම 2පාරක්ම section 1st වෙච්ච එක ගැන.එයාට හිතෙන විදිහට මට අඩුම තරමේ prizes 5ක්වත් තියෙන්න ඕනෙලු....

නිවාඩු දුන්න දවසේ මම ගියා පවන්ලගෙ ගෙදර,පහුවදා එහෙ බණක් තියෙනවා රෑට.ඊට පහුවදා දානේ.අපේ අම්ම එනව කිව්වා බණ දවසට,පහුවදා වෙනකම්ම ඉන්න.

මම කලින්ම එහෙ ගියේ කරන්න පුලුවන් උදව් තියෙනව නම් කරල දෙන්න හිතාගෙන...

"අම්මේ..."
"ආහ් පොඩී ආවද?පුතා මේ පාරත් section 1st නේද...පුතාට තුණුරුවන් ගෙම පිහිටයි පුතේ..."

අම්මා ගෙදර වැඩට හිටපු කෙනත් එක්ක සාලෙ හෝද හෝද හිටියේ..(මට මතක විදිහට ඒ දවස් වල හිටියෙ කරුණාවතී කියල කෙනෙක්)
"අනේ ඇයි අම්මෙ මේ...කෝ..ලොකූ??"

"දෙන්න අම්මේ මම ඕක කරන්නම්.අම්ම පොඩ්ඩක් ඉඳගෙන ඉන්න.මම ඉක්මනට ශෝටක් දාගෙන ඇවිත් වැඩට බැස්සා....
"ආපු වෙලේ ඉඳල ඔයා ගැන වර්ණනාව.section 1st වෙච්ච එකයි,teachersල සුභ පතපු එකයි.හරියට එයා පළවෙනියා උනා වගේ....කියවලා කියවලාම මහන්සියටද කොහෙදෝ නින්ද ගිහින් අර සෝෆා එක උඩම...."
ලොකූ අලි පැටියා වගේ සෝෆා එක උඩ බුදි බව ඒ වෙලාවෙයි මට නෝට් උනේ...දැක්කම ගිහින් මිරිකන්න හිතුනත් අම්මලා හිටපු නිසා මගේ බොළඳ ආසවල් පොඩ්ඩකට පැත්තකින් තියන්න මට සිද්ධ උනා.
"මටත් හරි සතුටුයි අම්මේ...ලොකූ දෙවෙනියානේ...."

"අශ්වින් පුතේ ඇත්තටම කිවුවොත් පන්තියේ පලවනියත් ඔයා දෙවෙනියත් ඔයා...ඔයා නොහිටින්න ලොකූ පන්තියේ අන්තිමයවත් වෙයිද මම අහන්නෙ..."
"අනේ නෑ අම්මේ..එයා හුඟාක් bright...එයා පලවෙනියා වෙයි ලබන සැරේ..."
"හපෝ ඕන නෑ.දෙවෙනියා හොඳටම ඇති.පලවෙනියා ගැලපෙන්නෙ මගේ පොඩි පුතාට..."අම්ම හිනා වෙලා කිවුවා..

මම සාලෙ හෝදන වැඩේ බාරගත්ත නිසා අම්ම අපට තේ හදාගෙන ආවා....සාලෙ හෝදලා ඉවර උනහම අම්ම කිව්වා "පොඩී මට පුතාගෙන් දෙයක් දැන ගන්න තියෙනවා...හුඟාක් කාලෙක ඉඳන් මම මේ ගැන අහන්න හිටියේ..."

පුදසුන අභියසTempat cerita menjadi hidup. Temukan sekarang