💋 06 💋

351 44 37
                                    

එදත් වෙනදා වගේම කාර්‍යබහුල දවසක්. හදිසි ප්‍රතිකාර ඒකකය කියන්නෙ විසිහතර පැයම අවදියෙන් ඉන්න තැනක්. ඒ පීඩනයට ඔහු හොඳින් ඔරොත්තු දුන්නා. සේවා මුරයක වැඩ නිමා වෙලා තමන්ගෙ කැදැල්ලට ගිහින් විඩා නිවා ගැනීම තරම් සතුටක් තවත් ඔහුට තිබුණේ නැහැ.

දවස පුරාම කොයිතරම් පීඩනයක් එක්ක ගණුදෙනු කළත්, දැන් හිත නිවාගන්න යන්න ඔහුට තිබුණේ කුඩා කාමරයක් පමණයි. කිසිම නඩත්‍තුවක් නොලබා අත ඇරලා දාපු ඒ කාමරයේ බිත්ති අරක් ගෙන තිබුණේ විවිධ දිලීර, කොළ පාට කළු පාට රටා මවමින් ඔවුන් හැම අඟලක්ම අත්පත් කරගෙන තිබුණා.

අවුරුදු ගානකට කලින් රතු පැහැ ගැන්වුණ බිම , තීන්ත පතුරු ගැලවිලා ගිහින්, සිමෙන්ති පාට මතුවෙලා. කාමරයට එළියක් දෙන්න තිබුණ ජනේල සියල්ලෙම මකුළු ජනාවාස.

නාමිකව කාමරය මැද එල්ලුණ විදුලි පංකාවේ අඩියක් දිගට එල්ලී තිබුණ දූවිලි ඔහු පළමු දවසෙම ඉවත් කර පිස දැම්මෙ රාත්‍රී කාලයෙත් උණුසුම දැනෙන නිසාම විදුලි පංකාවේ සේවය අත්‍යවශ්‍ය වුණ නිසා.

ඉතා පැරණි ආම්පන්න සවි කළ නාන කාමරයේ නිහඬ බව බින්දෙ නොකඩවා කාන්දු වුණ ජලය. කීපවරක්ම නඩත්තු අංශයෙන් සේවාව ඉල්ලා සිටියත් තවමත් කාන්දුව සම්පූර්ණයෙන් නතර කරන්න ඔවුන් සමත් වෙලා නැහැ.

දෙමව්පිය උරුමයෙන් දේපළ නොලද  නිසාම, ජීවිතය දිය කර තැනූ කැදැල්ල අමතක කරන්න ඔහු දැඩි උත්සහයක් දැරුවා. වැඩිදුර අධ්‍යාපනය ආරම්භ කරන තෙක්ම ඔහු රාත්‍රීන් ගත කලේ බැංකු ණය වාරික පියවන්න අමතර රාජකාරි හෝ පුද්ගලික සේවයේ යෙදෙමින්. අවසානයේ ඒ සියලු කැපකිරීම් වෙනුවෙන් ඔහුට ලැබුණෙ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක්.

අවසානයට ඇතුළත් වුණ හදිසි අනතුරකට ලක් වුණ රෝගියාගේ මොළය පරීක්ෂා කරන්න සිදු කරන CT පරීක්ෂණ වාර්තාව බලලා ස්නායු ශල්‍ය අංශය ඒ ගැන දැනුවත් කරන්න උපදෙස් දුන් මහෙන්ස කෙටි විවේකයකට රෝහලෙන් පිට වෙද්දි සවස හයට කිට්ටුයි.

" Call me if you need any opinion " ( උපදෙස් ඕනෙ නම් මට කෝල් කරන්න) ඒ අවස්තාවෙ හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටි වෛද්‍යවරියට පැවසූ ඔහු රෝහලෙන් පිටවුණා.

❤ Burgundy  ❤ ReuploadingWo Geschichten leben. Entdecke jetzt