ඔහු තම ජීවිතයේ කොයිතරම් හිඩැසක් පුරවා තිබුණා දැයි සනුලිට දැනුනෙ ඔහු නැතිව ගෙවී යන දෙවන සතියේ. ඇසළ සහ මව සමඟ යම් පමණක හිත් නොහොඳකමක් තිබූ නිසාම ඇයට කතා කරන්නට හිත හදාගන්නට කිසිවෙක්වත් ළඟ සිටියේ නැහැ. සති අන්තයේ ගම්පහ යාමට ඇය සිතා සිටියත් ඇසළ සමඟ ඇති වූ බහින් බස් වීම නිසාම ඇය එහි නොයන්නට තීරණයක් කර තිබුණා.
ඇයත් මහෙන්සත් සඟවන රහසක් ඇති බව සියලු දෙනාම දැන සිටි නිසා ඇය හා දොඩමළු වන්නට ඇගේ සහෝදර වෛද්‍ය කණ්ඩායම බිය වුණා. සත්‍යා ඇය ගැන සොයා බැලුවත්, ඇගේ කාර්‍යබහුල ජීවිතයේ සනුලි වෙනුවෙන් වෙන් කළ හැකිව තිබුණේ ඉතා කුඩා ඉඩක්.
දිනකට එක්වරක් හෝ ඔහු ඇයව අමතන්නට සිතා සිටියත් දින කීහිපයක් එය මගහැරී ගියේ මවගේ කටයුතු සමඟ ඔහු කාර්‍යබහුල වූ නිසයි.
මවට බයිපාස් සැත්කම කළ බවත්, එය පුද්ගලික රෝහලකින් සිදු කරන්නට සිදු වූ බව ඔහු කියා සිටියත් ඊට අදාල පිරිවැය ලැබුණේ කෙසේදැයි ඔහු පැහැදිලි ලෙසම කීවේ නැහැ. තමන් අත හදිසි තත්ත්වයකදී වියදම් කරන්නට මුදලක් ඉතුරුම් ලෙස නැති බව ඔහු වරක් පැවසූ බව සනුලිට මතක් වුණා.
ඇයට කියූ දේ වගේම නොකියූ දේ බොහෝ බව දැන සිටියේ ඔහු පමණයි. දෙමව්පියන් හිත් පීඩාවට පත්වීම වළක්වන්නට ඔහු යළිත් ඇය හා ඔවුන්ගේ නිදන කාමරයට පිවිසුනේ, ඔවුන්ගේ හරස් ප්‍රශ්න මගහරින්න. නිවස ගොඩනගන්නට තම සියලු ආදායම් කැප කළ ඔහුට පුද්ගලික රෝහලකින් මවට අදාල සැත්කම කරගන්නට හැකි වුණේ කෙසේද යන්න දැන සිටියේ ඇයත්, ඔහුත් පමණයි. සැත්කම අවසානයේ මව නිවසට ආ පසු ඇයගේ හිත සන්සුන්ව තබා ගැනීමට ඔහුට අවශ්‍ය වුණා.
" අද කොහොමද අම්මට?"
" ලොකු අවුලක් නෑ. අනිද්දා තමා ආයි එක්ක යන්න තියෙන්නෙ. "
" ලොකු දෙයක් අනේ, මම බයේ හිටියේ"
" මම දන්නවා. පාඩම් කළාද?"
" ඔව්, ඩිස්කෂන් ගෲප් එකක් සෙට් වුණා. එයාලා නිසා වැඩ කෙරෙනවා. අම්මව ගෙදර එක්ක යන්නෙ කවදද?"
" ලබන සතියේ. බොහෝවිට next weekend වෙද්දි මට එන්න පුලුවන් වෙයි , ඔයාට පාළු ඇති නේ?"
DU LIEST GERADE
❤ Burgundy ❤ Reuploading
Romantik" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023