හෝලා රීඩර්ස්
අද උදේම භූත සිතුවිල්ලක් ආවා ඔලුවට, ඇත්තටම මම දවස් කීපෙකට කලින් පොඩි දෙබසක් දැම්මා මැසේජ් බෝඩ් එකේ. ඒ දෙබස එක්ක මට එවෙලෙ හිතුනා මෙඩිකල් රෝමැන්ස් කතාවක් ලියන්න, හරියට grey's anatomy වගේ.හැබෑ, එහෙම ලියන්න බෑ, මොකද ඒකෙ වැඩිපුර තිබ්බෙ reproduction related scenes නෙහ් 🤪
ඒ නිසා මම අපේ රටට ගැලපෙන විදියට කතාවක් ලියන්න හිතුවා.
හැබැයි කියවන්න කලින් පොඩී කරුණු කීපයක් මතක් කරන්නම්.
⭕ මේක සම්පූර්ණයෙන් ම මනංකල්පිත කතාවක්. මගෙවත්, මම දන්න කෙනෙක්ගෙවත් පුද්ගලික කතා, අත්දැකීම් මේකෙ නෑ.
⭕ ඒ වුණාට මෙහි එන ඇතැම් සිද්ධි මේ රටේ නෑමයි කියලා මට 100% ක් දිවුරා ප්‍රකාශ කරන්න නම් බැහැ.
⭕ රෝහල් කියන්නෙ දෙවියො වැඩ වසන දේවාල නෙවෙයි, ඒවායෙත් අනෙක් ආයතනවල වගේම ප්‍රශ්න තියෙනවා , මානව සබඳතා ගොඩ නැගෙනවා, බිඳ වැටෙනවා. අනී හොස්පිටල් තමා හොඳම, පන්සල් වගේ හරියට කියලා හිතාගෙන නම් මේක කියවන්න එපා. එහෙම නරක දේවල් නම් මොකුත් ලියන්නෙ නෑ, ඒත් කලින්ම කියලා තියන එක හොඳයි කියලා හිතුනා.
⭕ සරල කතාවක් වුණාට බලමු ඉතින් මොනවා හරි ජීවිතේ ට යමක් දෙන්න හිතාගෙන ඉන්නවා මේකෙන්.
⭕ thriller ටයිප් එකක් නම් නෙවෙයි, ඒ වගේ ඇක්ෂන්, suspense නම් නැති වෙයි.
⭕ චැප්ටර් වල අනුපිළිවෙල මාරු වී ඇත. කෙතරම් නිවැරදි කළත් එය සේව් නොවේ. ඒ නිසා අලුතින් කියවන අය ඉන්නවා නම් අංක බලාගෙන කියවන්න.
කොහොම හරි ඉතින් උදේ ආව මේ සිතුවිල්ල ඔස්සේ ප්ලොට් එක develop කරන්න ගිහින් අද වැඩට යන්න පරක්කු වුණා. උදේ 7.59 ට තමා ගියේ ☺️
19/06/2023
එහෙනම් කියවලා බලන්න
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
Reuploading on 19/09/2024
KAMU SEDANG MEMBACA
❤ Burgundy ❤ Reuploading
Romansa" ඇයි මේ පාට?" " මේකට කියන්නෙ burgandy කියලා" " මොකද්ද ඒකෙ තේරුම?" " තේරුමක් තියෙනවා , ඒත් ඇයි සර් හැමදේකම තේරුම හොයන්නෙ?" නිහඬයි... ආයෙත් නිහඬයි... Start date 19/06/2023 End date 17/09/2023