💋 30 💋

284 43 17
                                    

" what the f*** ඉරිදාවත් නිදාගන්න නැති හැටි" හඬ තලන දුරකතනය අතට ගනිමින් ඔහු දෙස් දෙවොල් තිබ්බා. ජීවිතේ ගලාගෙන යන්නෙ දැන් තමන්ගෙ පාලනයෙන් තොරව බව ඔහු තේරුම් අරන් තිබුණා.

" සර්, ගුඩ් මෝනිං"

" මොකද මිනිහෝ උදේ පාන්දර "

" අනේ නෑ සර්, දැන් දහයත් වෙලා නිසා කෝල් කළේ. ලොකු සර් ඊයෙ රෑ කෝල් කරලා ඇග්‍රීමන්ට් එක හෙට සයින් කරනවා කිව්වා, ඔක්කොම ලෑස්ති කරන්න කිව්වා."

" ඕනෙ එකක් කරගනිං, මට දැන් මේවා තිබ්බත් එකයි, නැතත් එකයි" ඔහු එසේ කියමින් ඇමතුම විසන්ධි කළා. දැඩි කෝපයෙන් පසු වුවත් ඔහු ඒ මොහොතේ තවත් ඇමතුමක් ගත යුතුව තිබුණා.

" හෙලෝ මචං, කියපං"

" ආයි ඩීල් එකක් දානවා මම හිතන්නෙ. මේවයෙ ඩීටේල් ඔක්කොම එකතු කරගන්න කියපං, උඹලගෙ සයිඩ් එකෙන්. "

" හරි, තාම අපිට මොකුත් කරන්න බැරිද මචං?"

" බැහැ, තවම බැහැ" ඔහු එසේ කියමින් ඇමතුම නිමා කළා.

ඒ එක්කම කාමරයේ දොරට තට්ටු කරනු ඇසුන නිසාම ප්‍රහර්ෂ ඇඳෙන් බැසගන්බට තීරණය කළා.

" මමී... ඇයි තේ අරන් ආවෙ, වෙනදා වගේ සර්වන්ට් කෙනෙක් අතේ එවන්න එපැයි" ඔහු එසේ කියා අවඥාවෙන් හිනා වුණා.

" මම මේවා කලින් ඉඳලා කළේ නැති එක ගැන මම දුක් වෙනවා පුතා. "

" ඇයි, එදා ලෙඩ වෙලා මැරෙන්න ගියාමද ඔක්කොම මතක් වුණේ?"

" ඔයා දන්නවනෙ මට වුණ දෙවල්, ඒ පීඩනය නිසා මට ඔයාව මගඇරුණා. ඔයාට පුලුවන් නම් මට සමාව දෙන්න."

" මමීට වුණත්, ඒ කාලෙ ගෙදරින් එළියට බහින්න තිබුණා. මමී ඒක කරලා නෑනෙ, මට පෙන්නන්න බෑ, ලෝකෙට ලොකුකමයි, හොඳ මූණයි පෙන්නන්න හිනා වෙලා දුක් විඳින ගෑණුන්ව"

" ප්‍රහර්ෂ , ඔයා කවදා හරි තේරුම් ගනී" ඇය කීවෙ සුසුමක් හෙලමින්.

" මේ තේරුම් අරන් තියෙන ටික හොඳටම ඇති, බෙහෙත් බිව්වද?" ප්‍රහර්ෂ මවගෙන් ඇසුවේ පෙර දින හවස ඇයව පුද්ගලික රෝහලෙන් නිවසට මුදාහැරියේ කුඩා කවර කීපයකම පිරවූ බෙහෙත් සමඟ බව මතක් වූ නිසා. වෛද්‍ය උපදෙස් අනුව තව දිනයක්වත් එහි නේවාසිකව සිටිය යුතු වුවත් ඇයව එසේ නොතබන්නට තරම් ඩැඩී අකාරුණික වූ බව ප්‍රහර්ෂ මතක් කළේ කෝපයෙන්.

❤ Burgundy  ❤ ReuploadingWhere stories live. Discover now