💋 42 💋

488 41 65
                                    

සතුටු සාමීචි, ආහාර පාන, ඡායාරූපකරණය එක්ක මධ්‍යම රාත්‍රිය වනතෙක් කාලය ගෙවී ගියේ ඉතා වේගයෙන්. තම සහෝදර වෛද්‍යවරියන් සමඟ අසුන් ගත්තත්, සනුලි වරින් වර මහෙන්ස දෙස බැලුවේ ගියවර සාදයට වඩා අද ඔහුගේ සැබෑ සිනහවෙන් මුහුණ පිරී තිබුණ නිසා.

අවසානයේ නාලක කතාවක් පවත්වා මහෙන්සටත් සනුලිටත් ස්තූති කළේ , ඔවුන් දෙදෙනාම සේවය කළ කාලය තුළ රාජකාරිය කැපවීමෙන් කිරීම වෙනුවෙන් ස්තූති කරමින්. ඔවුන් දෙදෙනාටම සිහිවටන ලෙස තෑගි ලබාදෙන්නත් ඔවුන් අමතක කර තිබුණේ නැහැ.

ආරම්භය කෙසේ වුවත් ඔවුන් සියලු දෙනාම තමන්ට සතුටින් සමුදීම සහ තමන්ව අගය කිරීම ගැන මහෙන්ස පුදුම වුණා. ඇතැම්විට සනුලි නොපැමිණියානම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබුණා යැයි ඔහුට සිතුනා.

" නංගි, කතාවක් කරන්න" ජේෂ්ඨ වෛද්‍යවරයෙක් එසේ කියද්දි සනුලි ලැජ්ජාවෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඇය ඒ එක්කම මහෙන්ස දෙස බැලුවේ, සියලු දෙනාටම ස්තූති කරමින් කතාවක් කරන්නට ඔහුට ඇස්වලින් ඉඟි කරමින්.

" Ok, I will say a few words. First of all, thank you for this lovely farewell party and ofcourse for spending a fortune for gifts. As you all know my arrival here was unplanned and unexpected , but I hope I have done something for the unit and for the patients in this area.

Aaand, I make this an opportunity to apologize for all the hard times I have given you all, during early days. I hope you all will forgive and forget that past.

Also thank you for understanding , knowing the limits when it came to work and personal life. You all were exceptional in that.

I don't think I will be coming back here again. So thank you for all the memories "

( මම වචන කිහිපයක් කියන්නම්. මේ පාටි එක දුන්නට සහ මේ තෑගිවලට ස්තූතියි . මම මෙහෙට ආවෙ බලාපොරොත්තු නොවූ විදියට සහ සැලසුම් නොකළ හේතු නිසා වුණත්මම හිතනවා මේ ඒකකට වෙනුවෙන් සහ මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මම යමක් කළා කියලා.

ඒ වගේම මුල් කාලයේ මගේ අතින් හිත් රිදවීම් වුණා නම් ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි . මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මට සමාව දීලා ඒවා අමතක කරයි කියලා.

රාජකාරි ජීවිතය සහ පුද්ගලික ජීවිතය කියන දෙක අතර සීමාව හඳුනාගෙන ඒ අනුව ක්‍රියාකළාට ගොඩක් ස්තූතියි.

❤ Burgundy  ❤ ReuploadingDonde viven las historias. Descúbrelo ahora