💋 17 💋

306 41 60
                                    

රිය පණ ගැන්වූ ඔහු කතා බහකින් තොරවම සුක්කානම එක්ක දැහැන් ගත වුණා.

ඔහුත් වෙලාවකට දෙනියායෙ අහස වගේද කියලා සනුලිට හිතුනා. ඉර පායලා වළාකුළින් තොර පැහැදිලි අහස වගේ ඉතා කලාතුරකින් දීප්තිමත් වුණත් ඔහු දුටු දිනයේ සිට අද වනතෙක් වැඩියෙන්ම ඔහු සිටියේ අළු වළාකුළු පිරුණ වැහි කෝඩෙට අතවනන අහසක් වගේ. හිනා වෙද්දි ලස්සනට පෙනුනත් හැමවෙලාවෙම ඒ මුහුන තිබුණෙ අඳුරු වෙලා.

ඇල්ල පාරට අවතීර්ණ වෙද්දි ගමන ඉතා ඒකකාකාරී වන බව ඔහු දැන සිටියා. ඉඳහිට හමුවන වංගුවක් දෙකක් හැරෙන්න, හරි කෙලින් දිවෙන මාර්ගයේ , රිය ධාවනය නිදිමතට අත වැනීමක් බව ඔහු අත්දැකීමෙන් දැන සිටියා.

වීදුරුවෙන් එපිට බලාගෙන නිහඬවම සිටින සනුලි හා කතා කරන්නට බොහෝ දේ තිබුණත්, අද රාත්‍රියේ සිදුවිය හැකි දේ ගැන සිතා, ඔහු සිටියේ ව්‍යාකූල මනසකින්.

ඒ එක්කම සනුලිගේ දුරකතනය නාදවුණා.

" අයියා... දැන් තඹුත්තේගම , හරි මම කෝල් එකක් දෙන්නම් කිට්ටු වෙද්දි... නෑ නෑ මොකුත් අවුලක් නෑ" ඇය අනෙක් අන්තයෙන් අසන්නට යෙදුන ප්‍රශ්න වලට පිළිතුරු බැඳ දුරකතනය විසන්ධි කළා.

" අයියා කෙනෙක් ඉන්නවද?" මහෙන්ස ඇහුවේ ඇය සමග කතාබහක් ඇති කරගන්න උවමනාවෙන්.

" ඔව්, මට වඩා හතරක් වැඩිමල්. බිස්නස් කරන්නෙ"

" උදේ බෙහෙත් බිව්වද?" මහෙන්ස ඇහුවෙ ඇය කතා කරන්නට අකමැති මාතෘකාවක් වුණත් ඇයගෙන් යමක් අසා දැනගන්නට ඔහුට අවශ්‍යව තිබූ නිසා.

" මම ෆෝන් එකේ reminder දාගෙන ඉන්නෙ, ඒ නිසා මිස් වෙන්නෙ නෑ. ඊයෙ counsellor ට කෝල් කරන්න හිටියෙ. ඒත් බැරි වුණා."

" සනුලි..." ඔහු බැරෑරුම් හඬකින් කිව්වා.
" ඔයා කොහොමද ට්‍රීට්මන්ට් ගන්න , කවුන්සලින් යන්න හිත හදාගත්තෙ. අපේ ෆීල්ඩ් එකේ කෙනෙක්මනෙ ඔයාට ට්‍රීට් කරන්නෙ, ඔයා කොහොමද එයාව විශ්වාස කරන්නෙ. ඔයාගෙ මුළු හිස්ට්‍රි එකම බය නැතුව කෙනෙක්ට කියන්න ඔයා හිත හදාගත්තෙ කොහොමද ? ඒක අනෙක් අය දැනගනී කියලා ඔයා බය වුණේ නැද්ද?"

❤ Burgundy  ❤ ReuploadingWhere stories live. Discover now